https://www.gossiplankanews.com/2019/04/2-10.html

සියලු නව යාවත්කාල කිරීම් සඳහා මුල් පිටුවට එක්වන්න
https://www.gossiplankanews.com/
------
9.45pm
සහරාන් ගැන නැගෙණිය කළ හෙළිදරව්ව Click HERE
7.30pm
අයිඑස් නායක අල්බග්දාදි වසර පහකට පසු මුල්වරට වීඩියෝවකින් - ලංකාව ගැනත් කියලාClick HERE
5.55pm
අදත් (29) ඇඳිරි නිතිය සමන්තුරේ චවලකඩේ හා කල්මුනෙ පමණයි Click HERE
4.05pm
ඉතිහාසයේ පළමු වතාවට රට පුරා වෙසක් තොරණ, කලාප උත්සව තහනම් Click HERE
4.00pm
සිංහල - මුස්ලිම් ගැටුමක් ගැන බොරු තොරතුරු දීපු පුද්ගලයා පොලිසිය නිසා ගුටි නොකා බේරෙයි Click HERE
3.50pm
වව්නියාව පොලිස් නිළධාරීන් මැරුවෙත් තව්හිත්ලා බව හෙළි වෙයි Click HERE
3.30pm
බුද්ධි තොරතුරු දෝෂය ගැන නාගානන්ද රජයට එරෙහිව අධිකරණයට යයි Click HERE
3.20pm
නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ Click HERE
2.30pm
මීරිගමින් මිලටගත් සුදු රෙදි බෝම්බ නිවසින් හමුවූ නිසා පෝය ප්‍රහාරයක් ගැන සැකයක් - වැඩි විස්තර Click HERE
2.00pm
පන්සල් 50 කට ගහන්න ඉන්නවා පෝය සමරන්න එපා - ඥානසාර හිමි නඩුවට ගිය අතරේ කියලා - වැඩි විස්තර Click HERE
1.30pm
දෙහිවල කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙක් කඩු සමඟ අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
1.00pm
 වැඩබලන පොලිස්පති නම් කරේ පූජිත් රට ගිය අතරේ - වැඩි විස්තර Click HERE
12.40pm
ටියුෂන් පංති මැයි 3 දක්වා වසා තැබේ‍  Click HERE
12.15pm
පූජිත් වෙනුවට ජනපති වැඩබලන පොලිස්පති වික්‍රමරත්ත නම් කරයි Click HERE
11.30am
යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ අයෙක් අත්අඩංගුවට Click HERE
10.40am
රඳවාගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන්ට සමාව දී නිදහස් කරන්න - ඕමල්පේ හිමි Click HERE
8.30am
සහරාන්ගේ වටේ අය රැසක්ම මාට්ටු Click HERE
8.00am
විපක්ෂ නායක ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් හමුවී සාකච්ඡාවක Click HERE
7.30 am
සමන්තුරේ-කල්මු‍ණේ-චවලකඩේ ඇදිරිනීතිය 8 සිට ඉවතට Click HERE
-----April 28 Sunday Updates--
10.30 pm
නිකාබය බුර්කාව ලංකාවේ වාරණයට - අනන්‍යතාව සඟවමින් මුහුණු ආවරණය තහනම් - ජනපති - වැඩි විස්තර Click HERE
6.30 pm
සතියකට පසු රටපුරා ඇඳිරිනීතිය අද (28) නෑ - වැඩි විස්තර Click HERE
6.00 pm
පෞද්ගලික බස්රථවලට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් - වැඩි විස්තර Click HERE
5.30 pm

අඩි 4ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
5.00 pm
හික්කඩුවේදී ඩ්‍රෝන කැමරාවකින් ඡායාරූප ලබාගත් ඉන්දීය ජාතිකයකු අල්ලයි - වැඩි විස්තර Click HERE
4.30 pm
තව්හීත් ජමාත්’ බදුල්ලේ සභාපති අත්අඩංගුවට- වැඩි විස්තර Click HERE
4.15 pm
යාපනයේ නිවසකින් භූගත බංකරයක් සොයා ගනී- වැඩි විස්තර Click HERE
3.40 pm
කිංස්බරි හෝටලයේ සත්දින දානමය පිංකමට මහින්ද එක්වේ-Photos- Click HERE

2.10 pm
ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් විරෝධයක් (ඡායාරූප) Click HERE
1.45pm
කුමන ආකාරයකින් හෝ බොරු ප්‍රචාර කළොත් අල්ලනවා – ආරක්ෂක අමාත්‍යාංශය Click HERE
12.45pm
 Wanted සාදික් අබ්දුල්හක් නාවලපිටියෙදි යට ඇඳුම පිටින් කොටුවූ හැටි Click HERE
12.25pm
ආරක්ෂක අංශ 17 මැරුවැයි කල්මුනේ පරාජය වසාගන්න අයිඑස් වෙතින් ව්‍යාජ නිවේදනයක් - වැඩි විස්තර Click HERE
11.35am
Wanted ලැයිස්තුවේ සිටි ෆාතිමා මාවනැල්ලේදි අල්ලයි - වැඩි විස්තර Click HERE
11.00am
මාගල්කන්දේ හිමි මාධ්‍ය හමුවට ඇවිත් බුර්කාවක් මූණට දාලා (video) - Click HERE
10.25am
පාකිස්තාන - ශ්‍රී ලංකා 19 න් පහළ තරගාවලිය අත්හිටුවයි - වැඩි විස්තර Click HERE
10.15am
සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ උදේ 10 ට ඇඳිරි නීතිය ඉවතට නැවත සවස 5 ට Click HERE
9.45am
පොලිසිය Wanted යයි ප්‍රසිද්ධ කළ 2 නෙකු නාවලපිටියෙන් හසුවේ - වැඩි විස්තර Click HERE
9.20am
අගරදගුරු තුමන් මෙහෙයවූ ඉරු දින දේව මෙහෙයට ජනපති අගමැති විපක්ෂ නායක පැමිණෙති - වැඩි විස්තර Click HERE
------------April 28 Saterday Updates---------
10.10pm
පොතුවිල් පල්ලිය පසුපසදී ෆෝන් 20ක් ගිනි තැබූ අය අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
9.30pm
ඉස්ලාම් අන්තවාදීන් මර්දනය කරන්න මං ජනපති වෙන්න ඉල්ලනවා 100% තහවුරුයි - ගෝඨාභය රාජපක්ෂ- Click HERE
8.50pm
කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්පූර්ණ CCTV - Click HERE

7.50pm
ජනපති NTJ හා  JMI තහනම් කරයි - වැඩි විස්තර Click HERE
7.00pm
කල්මුනේ සමන්තුරෙයි සිදුවීම් ගැන පොලිසියේ සම්පූර්ණ ප්‍රකාශය (video) -Click HERE
6.30pm
සහරාන්ගේ රියදුරු අත්අඩංගුවට- වැඩි විස්තර Click HERE
5.20pm
මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති කඩු කිණිසි ගිනි අවි උණ්ඩ බැටරි සමග අත්අඩංගුවට- වැඩි විස්තර Click HERE
3.10pm
නින්දවුර් හිදී වෑන් එකක් හා මරාගෙන මැරෙන උපාංග හමුවේ (photos) -Click HERE
2.45pm
අද දිනයේත් (27) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
2.40pm
ෂැංග්‍රිලා පළමු බෝම්බය පුපුරද්දී 4 දෙනාම බේරිලා ටිකක් ඉන්න කියා බිරිය හා ඉතිරි දරුවා බලන්න ව්‍යාපාරිකයා ගිය ගමනේදී දෙවැනි පිපුරුමෙන් දරු තිදෙනා මැරිලා - වැඩි විස්තර Click HERE
1.40pm
කොම්පඤ්ඤවීදිය කඩු හමුවීමේ සිද්ධියට සැක පිට එජාප නාගරික මන්ත්‍රී අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
1.30pm
මරාගෙන මැරුන මුබාරක්ගේ නමට ලියාපදිංචි බයික් එකක් සරණංකාර පාරේ නිවසක- වැඩි විස්තර Click HERE
12.30pm
ගාල්ල පොද්දලදී අන්තවාදී සාමාජිකයින් 5 ක් දැලේ- වැඩි විස්තර Click HERE
11.30am
කලම්බු රෙසිඩන්ට් ඇතුළු කොළඹ ප්‍රධාන ඉදිකිරීම්වල ප්ලෑන් ළඟ තබාගත් ඉම්රාන් රිමාන්ඩ්- වැඩි විස්තර Click HERE
10.30am
සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්‍රකාශයක් - වැඩි විස්තර Click HERE
9 am
සයින්දමර්දු සටනින් 15 ක් මරුට 2 නෙකුට බරපතලයි - වැඩි විස්තර Click HERE

---April26 Friday Updates----
11.50 pm
වැල්ලවත්තෙන් අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග 3 ක් හසුවේ - වැඩි විස්තර Click HERE
11.15 pm
කල්මුනේ සමන්තුරේ දැන් නිහඩයි කීප දෙනෙකු අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
10.15 pm
සමන්තුරේදී අයි එස් කොඩිය හා ගැජට් හමුවූ වේලාවේ වීඩියෝව- බලන්න  Click HERE
9.00 pm
කලබලකාරී තත්වයන් මතුවූ කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
8.40 pm
සියලු පාසල් හා විශ්ව විද්‍යාල ඇරඹීම මැයි 6 ට කල් යයි - වැඩි විස්තර Click HERE
8.20 pm
කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී
සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිස නිකුත් කළ ඇඳ සිටින ඇඳුම්ද සෝදිසියේදී හමුව ඇත- වැඩි විස්තර Click HERE
7.50 pm
ඇඳිරි නීතිය රෑ 10 සිට උදේ 4 වෙනතුරු - රෑ 7.45 ට පොලිසිය දන්වයි Click HERE
7.00 pm
කිසිම වාට්ටුවක නැති නිසා රෝහලේ ඇවිද ඇවිද හෙව්වා අන්තිමේදී දුවයි පුතයි හමුවුනෙ මෝචරියෙදි - වැඩි විස්තර Click HERE
6.30 pm
පොලිස්පති නියෝග මත සෑම පළාතකටම අදාළව විශේෂ මෙහෙයුම් මැදිරිය බැගින් පිහිටුවීමට තීරණය කර ඇත. - වැඩි විස්තර Click HERE
6.00 pm
තව්හිත් ජමාත් පල්ලි ඉවත් කරන්නැයි මවුලවිවරු ඉල්ලති - වැඩි විස්තර Click HERE
5.00 pm
දින 10කට කලින් ඉන්දියාව සියලුව තොරතුරු ලංකාවට දුන්නා-NDTV පුවත් සේවය- වැඩි විස්තර Click HERE
4.00 pm
බෝම්බවලට යොදන යකඩ බෝල කිලෝ 2ක් සමග වැල්ලවායේ පුද්ගලයෙක් හසුවේ- වැඩි විස්තර Click HERE
3.30 pm
මැති ඇමතිලා අද පරිස්සමෙන්ලු - වැඩි විස්තර Click HERE
3.10 pm
සිරි වජිරඤාණ දහම්පාසල ඇරඹීම සති දෙකකට කල් යයි - වැඩි විස්තර Click HERE
2.30 pm
මගේ යාළුවො බලා ඉද්දි මැරුණා - සමහරුන්ගෙ මූණ අතුරුදන් කොන්ඩෙ විතරයි ඉතිරි - ප්‍රිමාෂා බීබීසීයට කී සංවේදී කතාව -Click HERE
1.50 pm
ඊයේ පූගොඩ පිපිරවීම ජනතාව රැවටීමක් - වැඩි විස්තර Click HERE
1.30 pm
අම්බලන්තොට ලංගම බසයක බෝම්බ බිය ඇති කළ පුද්ගලයා හසුවේ - වැඩි විස්තර Click HERE
1.00 pm
කොම්පඤ්ඤවීදිය ඉස්ලාම් පල්ලියක තිබී කඩු 40ක්, යුද හමුදා ඇදුම් හමුවේ Click HERE
12.00 pm
ගුවන් යානා ඉංජිනේරු අබ්දුල් ලතීෆ් ජමිල් දෙහිවල ලැගුම්හළේදී මැරුනේ ටාජ් සමුද්‍රා බෝම්බය පුපුරුවාගන්නට බැරිව ගිය නිසා - වැඩි විස්තර Click HERE
11.00 am
මඩකලපුව ශාරියා විශ්ව විද්‍යාල ඉදිකිරීම් පරිශ්‍රයේ තිබී බොම්බ අමුද්‍රව්‍ය හමුවේ - වැඩි විස්තර Click HERE
10.40 am
ඉරිදා ඛේදවාචකයේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතුයි - ජනපති පවසලා-වැඩි විස්තර Click HERE
10.20 am
මංගල උත්සව ශාලාවේ තෑගි බෝම්බයක් නිසා දඹුල්ලේ කලබලයක්- වැඩි විස්තර Click HERE
10.00 am
සිනමන් හෝටලයේ සිකියුරිටි අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
9.00 am
සහරාන් තවමත් නිදැල්ලේ බවටත් මුස්ලිම් පල්ලිවලට පහරදෙන්න හදන බවටත් ආරංචි - වැඩි විස්තර Click HERE

8.30 am
ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු බාර ගන්න අපි සූදානම් නෑ-ජම්ඉයියතුල් උලමා - වැඩි විස්තර Click HERE
8.00 am
දෙහිවල මහල් නිවාසයක සිටි සැකකටයුතු දෙදෙනෙකු අත්අඩංගුවට - වැඩි විස්තර Click HERE
7.45 am
රාජ්‍ය සේවයකයන් භාගයක්ම සේවයට පැමිණ නෑ - වැඩි විස්තර Click HERE
5.30 am
තව්හිත් ජමාත් 11 දෙනකු බේරුවලින් - අලුත්ගමින් අල්ලයි - වැඩි විස්තර Click HERE
3.30 am
ගෙයින් ගෙට හමුදා මෙහෙයුමක් - වැඩි විස්තර Click HERE
2.00 am
ISIS ප්‍රහාරයට එරෙහිව පදියතලාව මුස්ලිම් වැසියන් නිහඬ විරෝධතාවක - වැඩි විස්තර Click HERE
1.15 am
මඩකලපු දේවස්ථානයේ මරාගෙන මැරුනෙ මගෙ පුතා කියාගෙන මවක් ඇවිත් - වැඩි විස්තර Click HERE
1.00 am
නව වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ පත්කෙරේ - වැඩි විස්තර Click HERE
12.10 am
මරණ ගණන අඩු වෙලා දැන් 253 ලු - විදෙස් මාධ්‍ය සිනාසේ  -  Click HERE
12.00 am
 මීගමුවේ ජීවත්වූ පාකිස්තාන සරණාගතයින් හත්සියයක් පස්යාලට ගෙනත් -වැඩි විස්තර Click HERE
---April 25 Thursday Updates----
11.30 pm
අයිඑස් එකට කවුරුහරි බැඳුණයි කියල අල්ලන්න ලංකාවෙ නීති නෑ - අගමැති රනිල් - වැඩි විස්තර Click HERE
11.00 pm
ඩුබායිහි බර්ජ් කලීෆා ශ්‍රී ලංකාවේ මියගිය අය වෙනුවෙන් ආලෝක වෙයි  - ඡායාරූප Click HERE
10.00 pm
බෝම්බ ගැන කියමින් කාන්තාවක් බියවැද්දූ කොලු රැළ රිමාන්ඩ් - වැඩි විස්තර Click HERE
09.40 pm
අපි සහරාන්ව හොඳින් දන්නවා මරාගෙන මැරුණයි කියන මහමොළ කරුවගෙ මූණ ඊට වෙනස් - වැඩි විස්තර Click HERE
09.00 pm
හෙට සිකුරාදා මුස්ලිම් පල්ලි යන්න එපා - මුස්ලිම් ආගමික ඇමති - වැඩි විස්තර Click HERE
08.10 pm
 මං කිව්වා ඒත් අනෙක් අය ඇහුවෙ නෑ කියමින් ආරක්ෂක ලේකම් හේමසිරි තනතුරින් ඉවත්වේ - වැඩි විස්තර Click HERE
08.00 pm
බෝම්බ සහිතව සැරිසරනවා කී ලොරිය හමුවේ - වැඩි විස්තර Click HERE
07.00 pm
බෝම්බ ප්‍රහාරයට සැකසහිත මෙම ඡායාරූප 3 කසිටින අය ගැන තොරතුරු තිබේනම් දන්වන ලෙස පොලිසිය  ඉල්ලා සිටී. වැඩි විස්තර Click HERE

06.40 pm
පුපුරන ද්‍රව්‍ය හොයන්න නිල සුනඛයින් 85ක් දාලා - වැඩි විස්තර Click HERE
06.30 pm
එස්.එම්.එස් යවලා බෝම්බ ලොරියක බිය මතුකල මොරටුව නාගරික ලේකම් පොලිසියට - වැඩි විස්තර Click HERE
06.00 pm
අනුරාධපුර දේවමිත්ත පාසල ඉදිරිපිට බෝම්බය නිෂ්ක්‍රීය කරලා- වැඩි විස්තර Click HERE
05.45 pm
 අද (25) රාත්‍රී 10 සිට හෙට උදේ 4 තෙක් නැවතත් පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා ඇත.
04.15 pm
ඉන්දියා මැලේසියා, තායි හා චීන යුරෝපා වීසා කාර්යාල වැසේ - රටින් පිටවීමත් අමාරුයි - වැඩි විස්තර Click HERE
04.05 pm
නුවරඑළිය හාවාඑළිය මහින්ද මාවතේ ඇළ මාර්ගයක තිබී ඩෙටනේටර් 198 ක් හා සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙයි.
04.00 pm
බුර්කාව එපා කී මන්ත්‍රී ආශූ මාරසිංහට ෆොන් එකින් මරණ තර්ජන - වැඩි විස්තර Click HERE
03.45 pm
කොළඹ අපරාධ කොට්ටාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 21 ක් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම අත් බෝම්බ සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
03.30 pm
කටකතා එස්එම්එස් වලට හසුවී බොරු බිය එපා - රජයෙන් නිවේදනයක් - වැඩි විස්තර Click HERE
03.10 pm
ෂැන්ග්‍රිලාහිදී මියගියේ මහමොළකරු සහරාන් හෂිම්  නොවේ ඔහු තවම ජීවතුන් අතරද? වැඩි විස්තර Click HERE
02.30 pm
කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ සැකකටයුතු යමක් ඇති බවට
ලැබුණ ආරංචි අනුව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් සිටින බව පොලිස් ආරංචි හෙළිකර තිබේ.
02.00 pm
කටුවාපිටියේදී මියගිය මෙල්බන් වාසී මව හා දියණියගේ සමුගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ABC නාලිකාව තැබූ අනුවේදනීය සටහන Click HERE
01.40 pm
ඉන්දියානුවන් 11 යූකේ 6 ඩුවල් සිටිසන් 2 මියගිය 359 දෙනා රටවල් අනුව Click HERE
01.00 pm
 හොටෙල් බුකින් වැඩිහරිය කැන්සල් - අපි ආපසු මුදල් ගෙවනවා - ජෙට්වින්ග් සභාපති - වැඩි විස්තර Click HERE
12.30 pm
කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළට හදිසි ප්‍රහාරයක් එල්ල වන බවට කටකතාවක් පැතිර යාම නිසා පොලිසියට ඒ ගැන අවධානය යොමු කළ යුතුවිය.
ඒ නිසා විශේෂ පරීක්ෂාවක් සිදු කළ බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් කුරුණෑගල නගරය විනාඩි කිහිපයක දී ජනශුන්‍ය තත්වයට පත්වූ බවද කිසිදු ගැටලුවක් නැතැයි දැන්වූ පසු අවදානම යළි යථාතත්ත්වයට පත්වූ බවද වාර්තා විය.
12.20 pm
ප්‍රධාන නගරවල සිටින ජනතාවගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබෙයි.
ඒ අනුව කොළඹ නගරයේද මාර්ග බාධක තුළ හා ගෙන්ගෙටගොස් ආරක්ෂක අංශ පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹා තිබෙනවා. අනුරාධපුර,බදුල්ල,රත්නපුර,මාවනැල්ල, නගර වල සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.

12.00 pm
ගුවන් තොටුපොළ රථගාල තුළ සැකකටයුතු වාහනයේ අයිතිකරුවෙකු හඳුනාගැනීමට අපහසුතාව මත මෙම සැකය මතුවී ඇත. වාහනයේ කිසිදු සැක කටයුතු දෙයක් හමුවී නැත. මේ නිසා නැවත කටයුතු සාමාන්‍ය ලෙස අරඹා ඇත. අධික වාහන තදබදයක් තවම හටගෙන ඇත.
11.15 am
 ගුවන් තොටුපොළ කාර් පාර්ක් එකේ සැකකටයුතු රථයක් - පිටත්විමේ යානා ප්‍රමාද කරයි -වැඩි විස්තර Click HERE
10.45 am
මාවනැල්ල පොදු වෙලද සංකීර්ණය අසළ බස් නැවතුම්පලේ සැකකටයුතු යතුරු පැදියක් නිසා කලබලකාරී තත්වයක් මතුව තිබේ. බස් නැවතුම්පල පොදු වෙලද සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා පරීක්ෂා කෙරේ.පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.
10.15 am
බුර්කාවක් ඇඳගෙන පෙම්වතිය බලන්න ගිය ඉංජිනේරු පෙම්වතා හැඳලදී ගුටිකයි - වැඩි විස්තර Click HERE
9.30 am
පූගොඩ ප්‍රදේශයේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිපිරීමක් සිදු ව ඇති බව වාර්තා වෙයි.
මෙය හිස් ඉඩමක සිදුවූ පිපිරුමක් බවත් කිසිදු හානියක් වාර්තාවී නැති බවත් පැවසේ.
පිපිරීම කවර හේතුවක් මත සිදු වුනේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.විස්තර  Click HERE
9.00 am
පාර්ලිමේන්තුවට ගහන සූදානමක් බලංගොඩින් හෙළිවේ-වැඩි විස්තර Click HERE
8.35 am
සිනමන් ග්‍රෑන්ඩ් පිපුරවූ තඹ ව්‍යාපාරික ඉන්ෂාෆ්ගේ දේපළ මැරෙන්න සති 3 කට පෙර දරුවන්ට ලියලා-වැඩි විස්තර Click HERE
7.15 am
ආරක්ෂාවේ දුර්වලතා ගැන පාර්ලිමේන්තුවේදී ෆොන්සේකාගේ දැඩි විවේචනාත්මක කතාව Click HERE
6.45am
වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
---April 24 Wednesday Updates --
11.45pm
සිනමන් ග්‍රෑන්ඩ් හා ෂැන්ග්‍රිලා බොම්බ පිපිරවූ ධනවත් පවුලේ අයිය මලෝ ඉන්ෂා‌ෆ් හා ඉබ්‍රහිම් - වැඩි විස්තර Click HERE
10.30pm
සිනමන් ග්‍රෑන්ඩ් අවන්හලේ මරාගෙන මැරෙන ප්‍රහාරය CCTV - Click HERE
9.00pm
ෂැංග්‍රිලා හෝටල පිපිරීමෙන් මියගිය අවන්හලේ සේවකයින් දෙදෙනා - වැඩි විස්තර Click HERE
8.00pm
දේවස්ථාන තුනක්, සුපිරි හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරවීම් ගැන ඇමතිවරුන් හා ඉහළ නිලධාරින් දැන සිට ඇතත් එම අපරාධය සිදුවන්නට නොදී වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ඉදිරිපත් කරන බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.
7.00pm
වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ යන ප්‍රදේශවල පොලීසිය හා ආරක්ෂක අංශ සිදුකළ වැටලීම්වළදි  සැක පිට පුද්ගලයන් 54 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය. වෙනත් ප්‍රදේශවල සිට පැමිණි මොවුන් සැකකටයුතු ලෙස නතරවී සිටි බව පොලිසිය සඳහන් කරයි.
6.00pm
පසුගියදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයන් පිලිබඳ තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (24) පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
5.30pm
අද(24) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
5.00pm
රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (25) කැඳවා තිබේ.
4.50pm
මරාගෙන මැරුණ අය උගත් සල්ලි තියන අය කාන්තාවකුත් ඒ අතර හිටියා - රුවන් - වැඩිවිස්තර ClickHERE
4.45pm
නැවත දැනුම්දෙන තුරු කතෝලික දේවස්ථානවල දේව මෙහෙය සහ පෙරහර පැවැත්වීමෙන් වලකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරයි.
4.40pm
දෙවන වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
3.40pm
රත්නපුර රෝහලට ළමා වාට්ටුවක් සදා දුන් බුදුදහම වැළඳගත් ඇමරිකානුවාගේ බිරිඳත් ප්‍රහාරයෙන් මරුට - විස්තර Click HERE
3.30pm
විවාදයට තුඩුදුන් ක්‍රියාකලාපයෙන් හා ප්‍රකාශ ලබාදීම් වලින් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවට නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතා රජය මගින් පත්කරන්න නියමිත බව වාර්තාවේ.
3.10pm
 ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන්, වාහන සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම් සඳහා  යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හදුන්වා දී ඒ අනුව යම් සැකකටයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විස්තර ඇතැම් ඒ සම්බන්ධ තොරතුරු 011-2434251, 0114055105. 011-4055106, 076-6911404 සහ 011-2433335 යන දුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස යුද හමුදා මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
3.05pm
හදිසි අවශ්‍යතාවකදී ක්ෂණිකව රෝහල් වෙත යොමුකළ හැකි වෛද්‍යවරුන් දහසකගේ බළකායක් තම සංගමය යටතේ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ නිවාඩු දිනයක් වුවද, පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකයේදී මෙම බළකායේ වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත කඩිනමින් යොමු කිරීමට හැකි වූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.Read More-Click HERE
2.55pm
ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළු බෝම්බ පිපිරීමේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සදහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ විශේෂඥ කණ්ඩායමක් පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සී,එන්,එන්. පුවත්  සේවයට අදහස් දක්වමින් මේ බව අනාවරණය කර තිබේ.
2.45pm
පිටකොටුව ගෑස් පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව පිටකොටුව පොලිසිය කියයි.
2.00pm
දෙහිවල දේවස්ථානේ සිකියුරිටි වැඩි නිසා ඉංජිනේරු ප්‍රහාරකයා ලොජ් එකේදී දිවිනසාගෙන
අහක සිටි පෙම් යුවළ මියගොසින්  Click HERE
1.00pm
ශ්‍රී ලංකා තවුහීද් ජමාද් නමැති සංවිධානයේ මොහොමඩ් තාහා ෆර්සාන් නමැත්තෙකු සියු මුහුණ පොත ඔස්සේ සජීවීව පැමිණෙමින් තමා නිරුපද්‍රිත බවත් මෙම බෝම්බ සිද්ධි කිසිවකට සම්බන්ධ නැති බවත් පවසා තිබේ.වැඩි විස්තර Click HERE
12.40pm
කටාන තිඹුරිගස්කටුව අවන්හලේ බෝම්බ පාර්සල් සිද්ධියේදී ට්‍රැෆික් බැලුවේ ගම්මුන් - වැඩි විස්තර Click HERE
12.30pm
පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පැමිණෙන්නට නියමිතව සිටි  ඇමරිකාවේ FBI නිලධාරීන් කණ්ඩායම අද (24)දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මේ බව තහවුරු කළාය.
 පරීක්ෂණ සඳහා ඉන්ටපෝල් නිලධාරීන් ද ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත අතර තවම පැමිණ නැත.
12.00pm
කටානේ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ. කටානේ අවන්හලක පුටුවක් මත මෙම පාර්සලය තිබී ඇත. එහි සියලු පිරිස් ඉවත් කර පිපිරවීම සිදු කර ඇති අතර හානි කිසිවක් වාර්තා නොවේ
11.40pm
අනුරාධපුර - රඹෑව - ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් ඊයේ සොයාගෙන තිබෙන බව පොලිසිය අද වාර්තා කර තිබේ.
11.20am
දෙමටගොඩ කුළු බඩු ව්‍යාපාරික යුසුෆ් ජවිපෙද? ඔහුගේ තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් ඇතුළු පුතුන් හෝටල් ප්‍රහාර සැලසුම් කළ හැටි - Click HERE
11.00am
වැල්ලවත්ත සැවෝයි සිනමා හල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.‍එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එහි ෂීට් එක ආරක්ෂිතව පුපුරාව හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. පසුව බහාලුම් පෙට්ටිය පරීක්ෂා කළද පුපුරන ද්‍රව්‍ය හමුවී නැත. පිපිරුම නිසා බයිසිකලය විනාශවී නැත.
9.35am
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
මහතා තමාට ආරක්ෂක අමාත්‍යධුරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ කථාබහක් මතුව ඇති බව පවසා තිබේ. යම් ක්ෂේත්‍රවල ප්‍රවිනයන් සිටියදී එම කටයුතු ඔවුන්ට බාරනොදීම මඟින් සිදු වන්නේ එම ක්ෂේත්‍රය පරිහානියට පත්විම බව ඔහු වැඩිදුරටත් කීය. ඊයේ පාර්ලිමේන්තුවේදී ෆොන්සේකා මේ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයා බවට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගෙන් ඇගයීමක්ද ලැබිණි.
8.35am
ඉන්ෂාෆ් අහමඩ් මරාගෙන මැරෙන බොම්බ හැදූ වැල්ලම්පිටියේ  තඹ කම්හලේ ඡායාරූප- Click HERE
8.17am
බෝම්බ පිපිරීම නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය උදෑසන 8.15 ට දන්වා සිටියේය.

7.30am
21 වැනිදා සිදු වූ බෝම්බ පිපිරීම් සිද්ධියට සම්බන්ධ කණ්ඩායමේ විශාල පිරිසක් පිපිරුම් වලින් අනතුරුව පළාගොස් දිවයිනේ විවිධ ස්ථානවල සැඟවී සිටින බවට පොලිසියට ආරංචි ලැබී තිබේ.
 ආරක්ෂාව පතා යාපනයට පලා ගිය බවට සැක කරන පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ 23 සවස වන විට අත්අඩංගුවට ගෙන ඇත.-වැඩි විස්තර Click HERE
7.00am
ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීම් සිදුකළ බෝම්බකරුවන් රැදී සිටි බව කියන පානදුර, කෙසෙල්වත්ත, පරත්ත පාරේ ෂෙරිෆ් මාවතේ පිහිටි කුලී නිවසේ තිබී වාහනවල අංක තහඩු කිහිපයක් සොයාගෙන ඇත.
එම අංක වන්නේ CP CAT 4260, WP CAS 7256  සහ CP CAV 4022  යි.  මේවා සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාදැයි තවම හඳුනාගෙන නැත.
6.30am
බොම්බ පුපුරවනවැයි කී වෑන් එක හා මෝටර් සයිකලයක් වරකාපොල ප්‍රදේශයේදී පොලිසිය සොයාගෙන තිබෙන අතර සකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත.කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළ ආකාරයේ පුපුරන ද්‍රව්‍ය ඒ සමග හසුව නැත වැඩි විස්තර Click HERE
12.30am
මරාගෙන මැරෙන්න කලින් ISIS අට දෙනා දිවුරුම් දීලා (video) -Click HERE
12.15am
මෙල්බන් නුවර වාසය කළ මැණික් හා දියණියගේ අනපේක්ෂිත සමුගැනීම - වැඩි විස්තර Click HERE

---April 23 Tuesday Updates --
11.00pm
බොම්බ බෑග් අරන් 6 වන තට්ටුවේ සිට ලිෆ්ට් එකින් ඇවිත් ෂැන්ග්‍රිලා අවන්හල පිපිරවූ හැටි CCTV  Click HERE
9.00pm
ඉදිරි පැය 24 තුළ ආරක්ෂක ප්‍රධානීන් වෙනසක් - සතියක් තුළ පූර්ණ ආරක්ෂක ප්‍රතිසංවිධානයක් - ජනපති දන්වයි -වැඩි විස්තර Click HERE
8.00pm
පිපිරිම් ගැන ජනපති ජාතිය අමතා කළ ප්‍රකාශය - වැඩි විස්තර Click HERE
7.30pm
ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහරයක් සම්බන්ධයෙන් ඉන්දියාව තොරතුරු ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කළේය.
5.20pm
ශ්‍රී ලංකාවේ පිපිරවීම් සිදු කළ බව අයිඑස් (ISIS) නිල වශයෙන් පිළිගනී - වැඩි විස්තර Click HERE

5.10pm
අද 23 අඟහරුවාදා රාත්‍රී 9 සිට හෙට 24 බදාදා උදේ 4 දක්වා දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳිරි ණීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
4.20pm
ශාන්තා දුව සමග සිටි තැනට ෂැන්ග්‍රිලා අවන්හලේ වහළ කඩා වැටුණා - කුමාර් මායාදුන්නේ
ශාන්තාගේ දුව නිසංගා මාස 6 ක බිළිඳියකගේ මවක් - වැඩි විස්තර Click HERE
3.50pm
තැපැල් මගින් බෙදා හැරීම සදහා යොමු කෙරෙන පාර්සල් තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියකු හෝ බලයලත් නිලධාරියකු ඉදිරියේ පමණක් ඇසුරුම් කර භාර දිය යුතු බවත් එවැනි පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත භාර ගන්නා ලෙසත් සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

3.20pm
පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් කොළඹ සැරිසරන බවට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි. බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථය හා කුඩා වෑන් රථය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය විසින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුළුවන පිවිසුම් දොරටුවල සේවය කරනු ලබන සියලුම නිලධාරීන් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලධාරීන්ද දැනුවත් කර ඇති බවත් පොලිසිය දන්වයි.
3.05pm
සැකකටයුතු පුද්ගලයින් පාර්සල් හෝ වෙනත් කිසියම් දෙයක් පවතීනම් 116 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අංශ දැනුම් දෙයි. එම අංකයට ලැබෙන ඇමතුම් ගැන කඩිනමින් සොයාබැලීමට වැඩ පිළිවෙළක් යොදාඇතැයිද දන්වා ඇත.

3.00pm
කටුවාපිටියේ දේව මෙහෙයෙදි ඒ සුන්දර පවුලෙම දිවි අහිමිව ගියා - වැඩි විස්තර Click HERE
2.30pm
පිපිරිම් වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 321 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් අධිකාරී මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
2.00pm
තව්හිඩ් ජමාඩ් ප්‍රහාරය ගැන 2016 දී මං කිව්වා එත් මං කියන්නෙ බොරු කිව්වා - විජේදාස- වැඩි විස්තර Click HERE
1.30pm
පසුගියදා සිදුවූයේ නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස අන්තවාදී තව්හිඩ් ජමාඩ් මුස්ලිම් සංවිධානය සිදු කළ ප්‍රහාරයක් බවත් එම සංවිධානය හා ජේඑම්අයි සංවිධානය අතර සම්බන්ධයක් තිබෙන බව සොයාගෙන ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ආරක්ෂක ව්‍යුහයේ දුර්වලතා තිසා සිදුවූ බව කනගාටුවෙන් දැන්විය යුතු බවත් මේ තොරතුරු අගමැතිට හෝ තාමට ප්‍රකාශ නොකළේ මන්දැයි ගැටලුවක් බවත්... ඔහු කීය -වැඩි විස්තර Click HERE
1.00pm
තාත්ත පරිස්සම් වෙන්න කිව්වට දේවස්ථානෙ නමක් කිව්වෙ නෑ මාධ්‍ය මගෙ කතාව විකෘති කළා - හරින් - වැඩි විස්තර Click HERE
12.20pm
මරාගෙන මැරෙන බෝම්බකරු කටුවාපිටිය දේවස්ථානයට ආ හැටි අලුත් CCTV වැඩි විස්තර Click HERE
12.00pm
නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

11.20am
දෙවන වාරයේ පාසල් ආරම්භ කිරීම 24 සිට 29දා සඳුදා දක්වා කල් දමා ඇත. වැඩි විස්තර Click HERE
11.00am
අන්තවාදීන් අල්ලන්න ඉන්දියානු මෙහෙයුමක් - වැඩි විස්තර Click HERE
10.40am
මේවා ගැන කවුරුවත් මට කිව්වෙ නෑ - ජනපති  -වැඩි විස්තර Click HERE
10.35am
කොල්ලුපිටියේ දුම්රිය ස්ථානයේ පාර්සලයක් හමුවී ඇති බවට ලැබුණ ආරංචිය අනුව බෝම්බ නිෂ්ක්‍රීය අංශ පැමිණ පරීක්ෂා කිරීම් සිදු කළ පසු කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් එහි අඩංගුව නොතිබූ බව වාර්තා විය. එම ප්‍රදේශයට නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා ඇත.
9.55am

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා වැඩි වී තිබේ. තුවාල ලැබූ ගණන 480 කි.වැඩි විස්තර Click HERE
9.35am
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සැකකටයුතු පාර්සලයක් හමුවී තිබේ. බෝම්බ නිෂ්ක්‍රීය අංශ ඒ වෙත ගමන් කර තිබෙන අතර ජනතාව ඉවත් කර පරීක්ෂණ අරඹා ඇත.තවම සෝදිසි පරීක්ෂණය අවසන් නැත.

9.30am

උදෑසන 8.30 ට සියලුම රූපවාහිනී නාලිකා මිනිත්තු 3 ක් නිහඩවූ හැටි Click HERE
9.15am
දෙහිවල විළියම් හන්දිය ආසන්නයේ අතපත්තු මාවතේ දේවස්ථානය අසළ මාර්ගයේ නවතා තිබු සැකකටයුතු වෑන් රියක් ගැන ලැබුන ඔත්තුවක් අනුව පොලිසිය සිදු කළ සෝදිසියකදී එහි සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මාර්ගය මුළු මනින්ම වසා දමා ඇති අතර ආරක්ෂාව තර කර සෝදිසි කටයුතු සිදු කෙරේ
9.00am
ඊයේ(22) රැස්වූ ආරක්ෂක මණ්ඩල තීරණයක් අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නිශ්චල සහ චංචල දේපල රජයේ පාලනයට ගැනීමට, සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම ඇතුළු රෙගුලාසි ගණනාවක නීති දැඩිවේ. වැඩි විස්තර Click HERE
8.00am
ශ්‍රී ලංකාවේ ඇතිවූ සිද්ධි විමර්ශනයට සහාය පිණිස ඉන්ටර්පොල් නමින් හඳුන්වන ජාත්‍යන්තර පොලිසියේ කණ්ඩායමක් මෙරටට පැමිණෙන බවට ඊයේ වාර්තා පළවූ අතර මේවනවිට වාර්තාවන්නේ ඇමරිකානු එෆ්බීඅයි ( Federal Bureau of Investigation ) නිලධාරී කන්ඩායමක්ද ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.  වැඩි විස්තර Click HERE
7.40am
පිපිරීම් හේතුවෙන් අතුරුදන්වී සිටින පුද්ගලයින් ගැන කොළඹ 10 ප්‍රැන්සිස් පාරේ අංක 111 දරණ ස්ථානයේ අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම්දිය හැකි බවත් ඒ් අය සොයාදීමට උපකාර කිරීමට විශේෂ කණ්ඩායමක් සූදානමින් පසුවන බවත් දන්වා තිබේ.
7.30am
අද (23) පස්වරු  1.00 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇත. එහිදි අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායකවරයාත් රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ සිදුකිරීම නියමිතව තිබේ.
7.10am
අද (23) ප්‍රකාශයට පත්කර තිබෙන ජාතික ශෝක දිනය අනුව උදෑසන 8.30 ට සියලුම රටවැසියන් මිනිත්තු 3 ක නිහඩතාවයක් පවත්වා පසුගියදා ඇතිවූ පිපිරීම් වලින් මියගිය අය සිහිපත් කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
7.00am
රටේ ඇතිවූ කලබලකාරී වාතාවරණය නිසා වසා දමන්නට සිදුවූ කොටස් වෙළෙඳපොළ කටයුතු අද 23 අඟහරුවාදා උදෑසන 10.30 සිට යළි විවෘත කරන බව දන්වා තිබේ.
6.00am
වීසා නැතිව රැඳී සිටි පාකිස්තානු ජාතික 6 ක් මීගමුවේදී අත්අඩංගුවට Click HERE
12.00am
ලෝකයේ සියලුම රටවල පුවත්පත් ප්‍රධාන සිරස්තලයට ශ්‍රී ලංකාව ගිය හැටි Click HERE

 -----------April 22 Monday Updates----
10.00 pm
රට පුරා ස්ථාන 08ක ඊයේ සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  කියා ඇත්තේ මේ ගැන රජය වගකීම භාර ගන්න ඕනේ. බුද්ධි අංශ වලට චෝදනා එල්ල කරලා තිබෙනවා.  ඔවුන් ගෙන් භාගයක් දැන් ඉන්නේ හිරේ. මම ඊයේ කිව්වා ඉතිරි වෙලා ඉන්න ටික දෙනවාත් හිරේට දාන්න කියලා. වැඩි විස්තර ClickHERE

9.30 pm
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු වේලාවෙන් සඳුදා උදෑසන ශ්‍රී ලංකා අගමැති
රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් ඇමතූ බවත් ඇතිව තිබෙන තත්වය හමුවේ ඇමරිකානු සහය ලබාදීමට කැමැත්ත පළකළ බවත් ඒපී පුවත් සේවය වාර්තා කරයි.
ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් හොගන් ගිඩ්ලි මෙම ඇමතුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කර තිබේ. මෙම ඇමතුමේදී අපරාධකරුවන්ට යුක්තිය ඉදිරියට ගෙනයාමට සහ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමරිකාවේ කැපවීම යළි සහතික කර තිබෙන බව ලේකම්වරයා දන්වා ඇත.
මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝද අගමැති රනිල් වික්‍රමසිංහ අමතා ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බවට සහතික වී ඇත.

8.00 pm
සියලු මැයි දින රැළි අවලංගු කිරීමට ආරක්ෂක මණ්ඩලයේදී තීරණය කළ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය. ආරක්ෂක හේතුන් මත මෙම තීරණය ගත් බවද දැන්වීය.

7.00 pm
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් සඳහා ලබන සඳුදා (29) දක්වා නිවාඩු ලබාදෙන බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා පැවසීය.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීමට
තීරණය කළ බව අයිවන් පෙරේරා පියතුමා සඳහන් කළේය.රජයේ පාසල් සඳහා ද අද (22) සහ හෙට (23) දිනයන්හි නිවාඩු ලබාදී ඇති අතර නිවාඩුව තව දුරටත් දිගු කළ යුතු ද යන්න ගැන හෙට (23) දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.Click HERE

6.30 pm
පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.වැඩි විස්තර Click HERE

6.00 pm
පොලිස් ඇදිරි නීතිය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගාස්තු රහිතව රථ වහනවලට ගමන් කිරීමට හැකියාව සලසා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

5.30pm
ශ්‍රී ලංකාවේ ඇති වී ඇති තත්ත්වය මර්දනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කර ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිමටද තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා බැහැදැකීය.

5.00pm
මැයි 01 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයට පැවැත්වීමට නියමිතව තිබූ මැයි දින රැලිය එක්සත් ජාතික පක්ෂය අවලංගු කර තිබේ. එය අනෙක් පක්ෂද අනුගමනය කරනු ඇතැයි වාර්තාවේ.

4.35pm
මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.
ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක අදාළ පුපුරණද්‍රව්‍ය තොගය තිබගෙවත්ත හිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේ එය දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දී ඇත.
ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තිබී සොයාගෙන ඇත.

4.15pm
කොටහේන කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු කාර් රථයක යම් පිපිරීමක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ එම වාහනය තුල තිබු පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පුපුරුවා හැරීමට බෝම්බ නිෂ්ක්‍රිය අංශ විසින් පියවර ගන්නට දැරූ උත්සාහයේදී පුපුරා ගිය බවය.

4.00pm
ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයා හැටියට සැලකෙන  Anders Holch Povlsen ගේ දරු තිදෙනා ඊස්ටර් නිවාඩුව පිණිස ලංකාවට ආ ගමනේදී ඊයේ මරුදුටු බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබේ.
වැඩි විස්තර Click HERE

3.30 pm
කොළඹ පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී ඩෙටනේටර් 87ක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. වැඩිදුර විස්තර Click HERE

3.15 pm
ඊයේ 21 ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් සිද්ධි සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශ කල් ඇතිව දැන සිටීම වැදගත් සොයාගැනීමක් වුවත් ඒ සම්බන්දයෙන් රජය කිසිවක් කර නොතිබීම බරපතල කාරණාවක් වන බව සීඑන්එන් රූපවාහිනී නාලිකාව අද (22) දහවල් වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටින ලදි.
එහිදී ඕස්ට්‍රෙලියාවේ කැන්බරාහි සිට ත්‍රස්ත විමර්ශන විශ්ලේෂකයෙකු වාර්තාවක්ද ඉදිරිපත් කර තිබුණි. Click HERE

2.50 pm
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන පිපිරීම ඩෑෂ්කැම් live recorded video Click HERE

2.45 pm
පිපිරීම් සම්බන්ධයෙන් පාකිස්තාන-ඉන්දීය ජාතිකයින් 12 ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශයේ තඹ කම්බ් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් ලෙස රඟපාමින් මේ අය ප්‍රහාරය සැලසුම් කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී ඇත.
පකිස්ථාන ජාතිකයින් 09 දෙනකු සහ ඉන්දියානු ජාතිකයින් 03 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් සිදුවේ.

2.30 pm
හෙට 23 අඟහරුවාදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රජය දැනුම් දී තිබේ. 300 කට ආසන්න පිරිසකට ජීවිත හානි සිදුකරමින් සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සැමරීම වෙනුවෙන් ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙස ඒ අනුව ඉල්ලා ඇත.

2.10 pm
මියගිය පුද්ගලයින්ට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව
 අරලිය ගහමන්දිරයේ අද(22) දහවල් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.සෑම මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් පළමුව රුපියල් ලක්ෂයක මුදලක් අවමංගල්‍යය වෙනුවෙන් ලබා දීමටත් පසුව රුපියල් මිලියනක මුදල් වන්දි වශයෙන් ලබා දීමටත් රජය තීරණය කර තිබේ.
එමෙන්ම තුවාල වු අයට තුවාලවල ප්‍රමාණය නිරීක්ෂණය කර, රුපියල් ලක්ෂයක අවම මුදලක සිට රුපියල් ලක්ෂ 3 දක්වා වන්දි ලබා දීමටත් රජය තීරණය කළ බව පැවසීය.

2.00 pm
ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පසු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙනතුරු වසා දමන බව එහි කළමනාකාරීත්වය දැනුම් දී තිබේ. වැඩි විස්තර Click HERE

1.35pm
ඊයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකදී සිදුවූ බෝම්බ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 7 ක් සම්බන්ධ වූ බවට තොරතුරු ඇතැයිද ඔවුන් ප්‍රහාර 6 ක් සිදු කර ඇතැයිද ආරක්ෂක අංශ විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කර තිබේ.කටුවාපිටිය දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන පුද්ගලයාගේ යයි සැක සීසීටීවී ඡායාරූපයක්ද ඊයේ දේශීය මාධ්‍ය හරහා ප්‍රචාරය විය විස්තර -Click HERE

1.20pm
ඊයේ සිදුවූ ප්‍රහාරය වැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඉදිරියේ සිදුවන්නට නියමිත බවට බුද්ධි අංශ මීට ටික දිනකට පෙර වාර්තා කර තිබූ කතාව සත්‍ය බවත් එම තොරතුරු මත ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක ඇමති ජනපති මෛත්‍රිපාල සිරිසේනට පූර්ව දැනුවත්කිරීම් සිදු කළද  ඒ ගැන පියවර ගෙන නැති බවත් අවදානම් තත්වය ගැන අගමැති දැනුවත් නොකළ බවත් ඇමති රාජිත සේනාරත්න අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දැනුම් දුන්නේය.
 ඔක්තෝබර් මාසයේ ඇතිවූ දේශපාලන අවුලෙන් පසු ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිට  ආරාධනා නොකළ බවත් මෙම දේශපාලන ගැටලුව මත ආරක්ෂාව අන්තරායට ලක්වූ බවත් ඔහු චෝදනා කළේය.
රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම චෝදනාව අද සිදු කළේ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේය.
මෙම වාර්තාව අල්ජසීරා, චැනල් නිවුස් ඒසියා වැනි නාලිකා සජීවීව ලෝකය වෙත ගෙන ගිය අතර බීබීසී ලෝක සේවය සිය ප්‍රධාන ප්‍රවෘත්ති හරහා ඉදිරිපත් කර තිබුණි.Click HERE

1.10pm
කිරිබත්ගොඩ, ජාඇල, කැලණිය ආදී නොයෙකුත් ප්‍රදේශ වලට ජලය සපයන ටැංකියකට වස මිශ්‍ර කර ඇති බවට පොලිසියෙන් එම ප්‍රදේශ වල ජනතාව දැනුවත් කර ඇති බවට පැතිරෙන ආරංචිය අසත්‍ය ආරංචියක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය ප්‍රකාශකර තිබේ.

1.00pm
අද (22) සඳුදා රාත්‍රී 8 සිට අඟහරුවාදා පෙ.ව. 4 දක්වා ඇඳිරි නීතිය  ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. එය දිවයින පුරා බලපවත්වන පොලිස් ඇඳිරි නීතියක් බවද දන්වා ඇත.

12.30pm
ඊයේ (21) ශ්‍රී ලංකාවේ ඇතිවූ බරපතල සිදුවීම් මත බොහෝ කටයුතු අවලංගු කරගෙන ශ්‍රී ලංකාවේ සංචාරය
සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබේ.
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද පවතී.
ඇතැම් රටවල දැනටමත් ලංකාවේ සංචාරය අනතුරුදායක බවට නිවේදන නිකුත් කිරීම සිදුව ඇති අතර හෝටල් රැසක පූර්ව වෙන්කිරීම් අවලංගු කර ඇති බවත් ඉදිරි සංචාරක කටයුතු අවුල් සහගත වනු ඇති බවත් වාර්තාවේ.
12.00pm
ශාන්තා හා දියණිය නිසංගා ෂැන්ග්‍රිලා හෝටලයේ මියයාමේ කම්පිත සිදුවීම Click HERE
10.45 am
ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපලේදී බෝම්බයක් හමුවූ බවටත් එය නිෂ්ක්‍රීය කරන ලද බවටත් උදෑසන වාර්තා පළ විය. මේ ගැන වැඩිදුර තොරතුරු දන්වා සිටින ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න  මෙය පයිප්ප බෝම්බයක් බවත් improvised explosive device (IED) ලෙස හදුන්වාදෙන මෙය අඩි පහමාරක් හෝ 6 ක් පමණ දිග පීවීසී නලයක සූක්ෂ්ම ලෙස අසුරා තිබූ බවත් දන්වා ඇත.
රාත්‍රී 10.15 ට පමණ ලංකාව දෙසට පැමිණෙන ප්‍රධාන මගී පර්යන්තයේ මෙය තිබී හමුවී ඇති අතර බෝම්බ නිෂ්ක්‍රීය අංශ මගින් නිෂ්ක්‍රීය කරන ලද බවද දන්වා ඇත.

10.00 am
තමිල්නාඩුවේ ක්‍රියාකාරීව පවතින තව්හිඩ් ජමාඩ් සංවිධානය මෙම පිපිරුම පසුපස සිටින බවට සැකකරන්නේ යයි ඉන්දියාවේ පළවන ඉන්ඩියා ටයිම්ස් පුවත් වාර්තාවකින් අද සඳහන් කර තිබේ. එම වාර්තාවේ වැඩිදුර දැක්වෙන්නේ බංග්ලාදේශයේ ඩකා නුවරදී 2016  Holey Artisan Bakery මරාගෙන මැරෙන ප්‍රහාරය තව්හිඩ් ජමාඩ් සංවිධානය සිදුකරන ලද්දේද මේ ආකාරයටම බවයි. ඒ ගැන සඳහන් India Times වාර්තාවට යොමුව මෙතැනින්- Click HERE

9.30 am
ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, වයිබර්, ඉමෝ ඇතුළු ප්‍රකට මාධ්‍ය රැසක් තවදුරටත් අක්‍රීය කර තිබේ.
ඊයේ බෝම්බ පිපිරුන ස්ථාන වලට අමතරව තවත් ස්ථාන වල බෝම්බ පිපිරුණ බවට හා බොම්බ තිබෙන බවට ව්‍යාජ අනතුරු ඇඟවීම් හා පිපුරුමට සම්බන්ධ බවට මුස්ලිම් අන්තවාදී නම්හා සංවිධානයක්  ඇඳා ලිපියක් හුවමාරු කිරීම මගින් ජාතිවාදී ගැටලු මතුකිරීමේ උත්සාහයක් මෙම අවහිර තාවට හේතුවූ බව හෙළිව ඇත. ඒ ගැන විස්තර click HERE

9.15 am
මියගිය පිරිස 290 දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල කරුවන් ගණන 500 බවත් පොලිසිය දැනුම් දෙයි.
පිපිරීම් වලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන මේ වනවිට 24 ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.

9.00 am
කොළඹ සිදුවූ පිපිරීම්වලින් මියගිය විදේශිකයන් ගණන මේ වනවිට 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
විදේශ අමාත්‍යංශ නිවේදනය ප්‍රකාරව විදේශිකයන් 11 දෙනෙකුගේ මෘත දේහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන්දියානුවන් 3 දෙනෙකු, එක්සත් රාජධානියට අයත් සාමාජිකයන් 3 දෙනෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු, ඇමරිකානුවන් දෙදෙනෙකු සහ පෘතුගාල ජාතිකයෙකු මෙම පිරිසට අයත්ය.තවත් 19 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හඳුනා නොගත් විදේශිකයන් 25 දෙනෙකුගේ මළ සිරුරු තිබෙන බවද ඔවුන් නිවේදනය කළේය. ඊට අමතරව තවත් විදේශිකයන් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.

8.45 am
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක්
අද පෙව 9.00ට පැවැත්විමට නියමිතව තිබේ.
මේ අතර පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා පක්ෂ නායකන්ගෙන් හමුවක්ද පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිතව තිබේ.
රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත හෙට පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකවරයා තීරණය කර තිබේ.

8.30 am
පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට අත්අඩංගුවේ පසුවන පිරිස 10 ක් බව පොලිසිය සඳහන් කරයි.
13 දෙනෙකු වරින්වර අත්අඩංගුවට ගැනීම හා මුදාහැරීම සිදුව ඇති බවද දන්වා ඇත.
දඹුල්ලේදී 2 නෙකු අත්අඩංගුවට පත්වූ බවද පොලිසිය වාර්තා කර තිබේ.
ඊයේ 21 සිදුවූ පිපිරීම් වලින් මියගිය පිරිස 262 දක්වා ඉහළ ගොස් ඇති බව මේ වනවිට වාර්තාවෙයි.

8.00 am
 ශ්‍රී ලංකා ඛේදවාචකය වෙනුවෙන් අයිෆල් කුළුණ අඳුරු කළ හැටි හා පාප් වහන්සේ යාඥා කළ හැටි (video) - click HERE
7.30 am
ඊයේ දෙසීයකට අධික පිරිසකට මරු කැඳවමින් ලෝක අවධානය ලංකාව වෙත යොමුවූ ප්‍රහාර සිදුවන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන සිටියේ සිංගප්පූරුවේය. ඔහු එරට සිට අවශ්‍ය කටයුතු සොයා බැලූ  අතර දුරකථනයෙන් ජාතියද ඇමතුවේය.
සිංහල අවුරුදු නැකැත්වලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීයාවේ සංචාරය කරන ලද්දේ තිරුපති වන්දනාවටයි. අනතුරුව පවුලේ විවේක චාරිකාවක් ලෙස සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරය අතරතුර මෙම සිදුවීම සිදුවිය. එය නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන්  ලංකාවට ඔහු අද 22 පැමිණියේය.

7.00 am
ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිදුවීම් වලින් අනතුරුව පැනවුණ පොලිස් ඇඳිරිනීතිය අද 22 සඳුදා උදෑසන 6 ට අවසන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය උදේ 5.40 ට පමණ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ විය. ඇඳිරි නීතිය යළි පැනවෙනු ඇතැයි ආරංචි පළවුවද එම නිවේදනයේ ඒ ගැන සඳහන් වී නැත.

ඇඳිරි නීති තත්වය උදේ දක්වා පැවතීම  හේතුවෙන් ප්‍රවාහන මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවම වීම මත අද සඳුදා කාර්යාල කටයුතු නිසි ආකාරයට සිදු නොවනු ඇතැයි වාර්තා පළව තිබේ.

---------April 21 Sunday Updates-----
10 pm
පිපිරුම්  සඳහා  පුපුරණ ද්‍රව්‍ය  ප‍්‍රවාහනය කළ බව කියන  වෑන් රථයක් හා මෝටර් රථයක්  දෙමටගොඩ දී හා වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ  එහි රියදුරු ද සමගය.
මෝටර් රථය අද පිපිරීම සිදු වූ මහල් නිවස ඉදිරිපිට නවතා තිබීයදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි ෂැන්ග්‍රිලා හෝටලයෙන්  මිල දී ගත් වතුර බෝතලයක් ද  තිබී ඇත.
9 pm
අද දින සිදුවූ ප්‍රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැක නිවසක් පානදුරදී පොලීසිය සොයාගෙන තිබේ. පානදුර සරික්කල මුල්ල ප්‍රදේශයේ නිවසක මෙසේ තාවකාලිකව නැවතී සිට තිබේ. මෙම නිවසේ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්ද තිබී ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
8 pm
  • දෙහිවල පිපිරීමේත් දෙමටගොඩ පිපිරීම හා පොලිස් මෙහෙයුමේත් ලයිව් ඇට් 7 වීඩියෝ දර්ශන Click HERE
  • ෂැන්ග්‍රිලා සිනමන් ග්‍රෑන්ඩ් කිංස්බරි හෝටල ප්‍රහාරවල ලයිව් ඇට් 7 වීඩියෝ දර්ශන Click HERE
  • පල්ලි 3 ට එල්ලවූ ප්‍රහාරවල ලයිව් ඇට් 7 වීඩියෝ දර්ශන Click HERE
  • ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරය සවස 7.15 CNN වීඩියෝ වාර්තාව Click HERE
6 pm
මේ වනවිට කොළඹ හා තදාසන්න මාර්ග ජන ශූන්‍ය වී ඇත. සුපිරි වෙළෙඳ සල් ඇතුළු සියලු කඩසාප්පු වසා දමා ඇත.
අද ඇතිවූ සිද්ධි වලින් අනතුරුව ආර්ක්ෂාව සඳහා පියවරක් ලෙස දිවයින පුරා මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය .
මින් ඉහත සවස 6 සිට හෙට උදේ 6 දක්වා ඇඳිරිනිතිය පනවන බව
දැනුම් දුන්නද එය වෙනස් කර සවස 3 පමණ සිට ඇඳිරි නීතිය ආරම්භ විය.
---
අද දිනයේ දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරවීම් අතරින් බහුතරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට හඳුනාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම පිපිරීම් නිසා මියගිය සංඛ්‍යාව 207ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම තුවාලකරුවන් 450කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
--
සියලු තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇති අතර එම දුරකථන අංකය වන්නේ
0112322485 යි .
විදේශකයින් සම්බන්ධ තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකය වන්නේ 0112323015 යි.

 3pm
දහවල් 1.45 ට පමණ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුළ සිදුවූ පිපිරීමකින් 2 නෙකු මියගොස් තිබේ.
දෙමටගොඩ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ මහවිල උද්‍යාන මාවතේ නිවසක සිදුවූ පිපිරීමකින් පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.
එම සෝදිසි මෙහෙයුම අතර වාරයේදී පොලිස් නිලධාරීන් පිරිසක් නිවසක් සෝදිසි කිරීමට යාමේදී එම නිවස තුල සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා විය.
මෙහිදී සැකකරුවන් 2 නකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මෙම ප්‍රහාර සඳහා සම්බන්ධ අයදැයි පරීක්ෂණ පැවැත්වේ.
1pm

අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03 කට එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් විදෙස් ජාතිකයන් 09 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්සල් බාරගැනීම ද නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

12pm

ස්ථාන කිහිපයක අද ඇතිවූ පිපිරීම් හේතුවෙන් හෙට (22) සහ අනිද්දා (23) දෙදින දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය තර ඇත.

සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමහල් දියණිය අද (21) පෙරවරුවේ සිදුවූ පිපිරීමකට හසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.මේ වන විට පිපිරීම් නිසා ජිවිතක්ෂයට පත්ව ඇති සම්පුර්ණ ගණන 150කට අධිකයි.තුවාල ලබා ඇති පිරිස 500කට අධික වනවා.

දිවයිනේ කතෝලික දේවස්ථාන 3 ක අද උදෑසන සිදු වූ පිපිරීම් හේතුවෙන් අද සවස දිවයින පුරා ඇති කතෝලික දේවස්ථාන වල පැවැත්වීමට නියමිතව තිබු පස්වරුවේ පාස්කු දේව මෙහෙයන් අවලංගු කිරීමට කොළඹ අදරදගුරු නිවෙස්නය තීරණය කොට තිබෙනවා.

මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේවස්ථාන වෙත නොගොස් සිය නිවසට වී කාලය ගත කරන ලෙස සියළු දෙනා ගෙන් අදරදගුරු නිවෙස්නය ඉල්ලා සිටින බවයි.
 11 am
දිවයින පුරා සිදුව ඇති පිපිරීම්වලින් මිය සංඛ්‍යාව මේ වන විට 52 දක්වා ඉහල ගොස් තිබේ.ඒ අනුව තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 280 දක්වා ඉහල ගොස් ඇත
10.30
අද උදෑසන ස්ථාන 6 ක සිදුවූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් තුවාල ලද පිරිස 200 කට ආසන්න වන අතර මියගිය ගණන 20-25 පමණ වෙතැයි නිල නොවන වාර්තා සඳහන් කර තිබේ.
සිද්ධිය ගැන මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා පළ කර තිබේ.
මෙය කතෝලික පිරිස් ඉලක්ක කර සිදුවූ අයිඑස් ත්‍රස්ත පුහාරයක් වියහැකි බවටද වාර්තා පළව තිබේ.

10.09
කොළඹ කිංස්බරි හෝටලයේද පිපිරීමක් සිදුව ඇති බවට වාර්තාවේ
9.45
කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 3 වන මහලේද පිපිරීම් ඇතිව තිබෙන අතර මඩකලපුවේ දේවස්ථානෙයකද පිපිරීම් සිදුව ඇති බවට වාර්තාවේ.
9.15
අද (21) ඉරිදා උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඇතිවූ පිපිරීමකින් පුද්ලයින් රැසක් මියගොස් ඇතැයි වාර්තාවේ. එසේම මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේද 
පිපිරීමක් සිදුව ඇත.
මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ පිපිරුම (ඡායාරූප) -click HERE
පිපිරීමෙන් සිදුවූ හානි තවම වාර්තා නොවේ.
තුවාල කරුවන් ජාතික රෝහලට රැගෙන එමින් සිටී.
මෙම දේවස්ථාන දෙකෙහි අද පාස්කු ඉරිදා දේවමෙහෙයන් සිදුවන අතරතුර මෙම පිපිරීම් වාර්තාවී ඇත.
කොළඹ තවත් ස්ථාන වල බෝම්බ පිපිරීම් ඇතිවන බවට ආරංචි පැතිර තිබෙන අතර වැඩි විස්තර බලාපොරොත්තුවන්න