පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්රථ සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීමේ සන්නිවේදන උපකරණයක් එම බස්රථවල පසුපස දොරෙහි සවිකිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
         

බස්රථවල ඉතා
කඩිනමින් මෙම උපකරණ සවිකිරීමට බලාපොරොත්තු වන බවත්, මේ වන විටත් එම උපකරණ ගෙන්වා ගැනීම සඳහා ආයතන කිහිපයකට දැනුම් දී ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය මහතා පැවසීය.
           
මෙම උපකරණය සවිකිරීමෙන් පසු බස්රථවලට මගීන් නංවා ගැනීම සිදුකරන්නේ පසුපස දොරටුවෙන් පමණක් බව කී ගැමුණු විජේරත්න මහතා කිසිසේත්ම ඉදිරිපස දොරටුවෙන් මගීන්ට ඇතුළුවන්නට නොදෙන බව ද සඳහන් කළේය.
           
මෙය මගී ආරක්‍ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බැවින් මේවායේ මිල ගණන් අනුව ඒවා ගෙන්වාගැනීමේදී රජයෙන් ද අනුග‍්‍රහයක්, සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම ප‍්‍රකාශ කළේය.
(ඩයනා උදයංගනී)