ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.

පොලිස් විශේෂ
කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
 මෙම පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසෙනවා.
ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇත.
ආදිල් අමිස් නැමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳව මීට වසරක පමණ ඉහතදී ද පොලිස් නිලධාරීන්ගේ සැකයට භාජනය වූ අයෙක් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇතැයිද පොලිසිය කියයි.