මීගමුව ප්‍රදේශයේ ජීවත්වූ සරණාගත විදේශිකයන් හත්සියයක පමණ පීරිසක් මීගමුව පොලීසියේ මැදිහත්වීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණයෙන් පස්යාලේ පිහිටි අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයට නතර කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස
එම මධ්‍යස්ථානයේ නවතාන් ගැස්වූයේ, සරණාගතයන් ලෙස මීගමුව ප්‍රදේශයේ ජීවත් වූ පාකිස්තානු වැසියන් පිරිසකි.

තමන්ගේ ජීවිතවල තර්ජනයක් ඇති බවට එම පිරිස විසින් මීගමුව පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව මීගමුව පොලීසිය සඳහන් කරයි.

වසර කිහිපයක් තිස්සේ වෙනත් රටකට යන අදහසින් මෙම සරණිගතයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුවත්වීම මත මීගමුව ප්‍රදේශයේ ජීවත්වී ඇත. පසුගිය දිනවල ඇතිවූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇතිවී තිබෙන බවට පැමිණිලි කර තිබිණි.

නිට්ටඹුව පොලීසියේ නිලධාරී පිරිසක් හා යුද හමුදා නිලධාරීන්ද මෙම ස්ථානයේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි අතර, පස්යාල අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානයේ සභාපති අජීස් අහමඩ් මහතා පැවසුවේ, කොළඹ තම ප්‍රධාන කාර්යාලයේ උපදෙස් මත තම සංවිධානයට අයත් මෙම පිරිස ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසු බවයි.