පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම රජය භාරගත යුතු
බව ජනපති
මෛත්‍රිපාල සිරිසේන

මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ දැන්
පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.
මෙහිදී ජනපති තමා රජයේ සාමාජිකයෙකු නොවන ආකාරයට අදහස් දක්වා තිබෙන අතර අගමැති රනිල් ඇතුළු ඇමති මණ්ඩලය ඔහු 'රජය' ලෙස නම් කර තිබේ.
සේනාධිනායකයා හා ආරක්ෂක ඇමතිවරයා හා විධායක ජනපතිවරයා ලෙස තමන් සතු වගකීමක් ලෙස මෙම අසමත්කම මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා භාරගෙන නැත.
සමස්ත මුස්ලිම් ජනතාව දෙස, ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයිද මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් බවද ජනාධිපති මෙහිදී දන්වා ඇත.