පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා වැඩි වී තිබේ.
තුවාල ලැබූ ගණන 480 කි. ඔවුහු පහත රෝහල්වල ප්‍රතිකාර ලබති.
කොළඹ ජාතික රෝහලේ,  මීගමුව මහ රෝහල,

කොළඹ උතුරු ශික්ෂණ රෝහල (රාගම රෝහල), කොළඹ දකුණ ශික්ෂණ රෝහල (කළුබෝවිල රෝහල), හා මඩකලපුව මහ රෝහල
පුද්ගලයින් 29 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  සිටී.

කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු 140 කට පශ්චාත් මරණ පරීක්ෂණ 89 ක් සිදුකර ඇත.
මීගමුව දිස්ත්‍රික් රෝහලේ මළ මිරුරු 102 කින් 92 ක් ඥාතීන් භාරගෙන ඇත.
මඩකළපුව ශික්ෂණ රෝහලේ මෘත ශරීර 29 ක් ඔවුන්ගෙන් 23 දෙනෙක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාරදෙන ලදී.
නාඳුනන මළ සිරුරු 41 ක් තවමත් රෝහල් වල පවතී.නාඳුනන මළ සිරුරු 6 ක් රාගම රෝහලේ තිබේ.
කොළඹ ජාතික රෝහල තුල දැනට විදේශීය ජාතිකයින් 20 දෙනෙකුගේ මළ සිරුරු තිබේ.
සුළු තුවාල ප්‍රතිකාර ලබා විදේශිකයින් 22 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබේ.