අද පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

'මේක මේ දේශපාලන කතාවක් නෙමේ මං කියන්නේ. 2016 නොවැම්බර් 18 වෙනිදා මම
කිව්වා තව්හිඩ්
ජමාඩ් සංවිධානයේ පවුල් 4 ක 32 නෙක් අයිඑස්අයිඑස් වලට ගිහිල්ලා පුහුණුවෙලා ඇවිල්ලා මේ රටේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා. එදා රජයේ ඇමතිවරු ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා ප්‍රකාශ කෙරුවා මම කියන්නෙ බොරුයි කියලා.ඔය මුජබි රහුමාන්ලා මට ශාප කළා. මේ මීනීමැරුම්වලට ඒ අය වගකීම බාරගන්න ඕන...'