අද (23) ජාතිය අමතා ජනපති මෛත්‍රිපාල සිදුකළ ප්‍රකාශයේදී පූර්ණ ආරක්ෂක ප්‍රතිසංවිදානයක් කරන බවත් ඉදිරි පැය 24 තුළ ආරක්ෂක ප්‍රධානීන් මාරු කරන බවත් කීය.

ඒ පහත පරිදිය
එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු එම වගකිවයුතු ප‍්‍රධාන නිලධාරින් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සදහන් කළයුතුයි. මෙම තොරතරු ලැබීම පිිළිබද මා දැනුවත්
කළානම් මා ඒ පිළිබද වහා
ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා. එම වගකිවයුතු අංශ විසින් එම වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම පිළිබදව මම ඉතාමත් දැඩි ලෙස ඔවුන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමට ද මේ වන විට තීරණය කර තිබෙනවා.
ඊයේ සන්ධ්‍යාවේ රැස් වූ අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසයි මම පෙර ප‍්‍රකාශ කළේ ආරක්ෂක අංශවල පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශවල, පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල පූර්ණ ප‍්‍රතිසංවිධානයක් කරමින් ඒවා විධිමත් කරමින් මෙවැනි ත‍්‍රස්තවාදී සිදුවීම් නැවත ඇති නොවීමට තීරණ ගන්නේ.
අපේ පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශ සම්පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරි සතිය තුළ මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.
ජනපති කළ සම්පූර්න කතාව මෙතැනින්