පසුගිය 21 වැනිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ගේ පියා කිසියම් හෝ ආකාරයක දැනුවත් භාවයකින් සිට ඇති බව ඇත්ත නමුත් තමා ඒ ගැන කියා සිටි දෙය මාධ්‍ය මගින් විකෘති කර ඇති බව ඇමති
හරින් ප්‍රනාන්දු පවසයි.

ඇතැමුන් තමන්ගේ ජීවිතය බේරුණේ පියා නිසා යැයි සමාජ ගත කිරීම පිළිබඳ කණගාටු වන බව පවසන ඇමතිවරයා ප්‍රහාරය සිදු වන විට තමන් බදුල්ල දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වී සිටි බවත් පියාට කවුරු හෝ ආරක්ෂක අංශයකින් මේ ගැන දැනුම් දුන්නත් කවර දේවස්තානයක පිපිරවීමක්ද යන්න ඔහු කියා තිබුනේ නැති බවත් කියා සිටී.

අනතුර සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා තිබියදීත් ඒ පිළිබඳ නොසලකා හැරියේ කවුද යන ප්‍රශ්නය තමා නගන බවත් ඒ ගැන අවධාරණය කරන්නට කියූ කතාවක් වැරදි විදිහට ප්‍රචාරය වූ බවත් ඔහු පවසයි.

මේ ගැන අගරදගුරුතුමන් අමතා පැහැදිලි කළ බවත් එතුමන් හරිවැටහීම ලබාගත් බවත් ඇමති පවසයි.
වීඩියෝවකින් ඇමතිවරයා ඒ ගැන පැහැදිලි කලේ මෙසේය.