පසුගියදා මරාගෙන
මැරෙන බෝම්බ
ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් මොහොමඩ් අසාම් නමට ලියාපදිංචි කළ රථ වාහන 5 ක් ඇති බව ආරක්ෂක අංශ අනාවරණ කර ගෙන තිබේ.

ඒ අනුව ඔහුගේ නමට ලියාපදිංචි වු යතුරුපැදියක් ඊයේ(26) රාත්‍රියේ දෙහිවල සරණංකර පාරේ නිවසක සගවා තිබියදි  දෙහිවල පොලිස් නිලධාරින් විසින් සොයා ගත්තේය.

මෙහිදි පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරු දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු බෝම්බ පිපිරීම්වලට අදාළව තවත් සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.