අද උදෑසන ජනපති මෛත්‍රිපාල සිරිසේන වැඩබලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න මහතා නම් කර තිබේ.

ඒසේ සිදුකර ඇත්තේ

පොලිස්පති පූජිත් ජයසූන්දර මහතා රාජකාරියට අදාළව විදෙස් චාරිකාවක් සඳහා ගිය අතරේ බව වාර්තාවෙයි.
එක්සත් ජාතින්ගේ පොලිස්පතිවරුන්ගේ සමුළුවට සහභාගි වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර විදෙස්ගතවී ඇති බවද  වාර්තා වන අතර ජනපතිවරයා වැඩබලන අයෙකු පත්කළත් පොලිස්පති තනතුරින් තවම පූජිත් ඉවත්කර නැති බව වාර්තාවේ.
කෙසේ වෙතත් ජනපති බලතල ප්‍රකාරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා (21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෙලස පූජිත් ජයසුන්දර මහතාඅනිවාර්ය නිවාඩු යවා ඇති අතර ඔහු ඒම පරීක්ෂණයෙන් අසමත්වීම හෝ නොවිම මත නැවත තනතුර අහිමිවනු හෝ හිමිවනු ඇත.

පොලිස් කොමිසම පිහිටුවීමෙන් පසු ඒකවර පොලිස්පතිවරයෙකු ඉවත් කිරීමට විධායක ජනපතිට හැකියාවක් නැති බවද පැවසේ. මේ හේතුවෙන් පූජිත් ජයසුන්දර මහතාගෙන් ඉල්ලා අස්වීමේ ඉල්ලීමක් පමණක් ජනපති සිදුකර තිබූ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

පසුගියදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධව ආරක්ෂක අංශවල අසමත්කම වාර්තාවූ පසු ජනපති ජාතිය අමතමින් දන්වා සිටියේ පැය 24 ක් තුළ ආරක්ෂක ප්‍රධානීන් වෙනස් කරන බවකි.