පල්ලි හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පැමිණි 9 දෙනා අතර කාන්තාවක් ද සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පෙරවරුවේදී විදේශ මාධ්‍යෙව්දීන් අමතමින් පවසා තිබේ.

මෙම ප්‍රහාර සඳහා පැමිණි
පුද්ගලයන් මැදි ආදායම් හෝ ඉහළ මැදි ආදායම් ලැබූ ඉහළ අධ්‍යාපනයක් ලැබූවන් බවද ඔහු කියා සිටියේය.

“අපි විශ්වාස කරනවා මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතරින් එක් අයෙක් එංගලන්තයේ ඉගෙන ගෙන පශ්චාත් අධ්‍යාපන කටයුතු ඔස්ට්‍රේලියාවේ සිදුකර තිබෙනවා.

මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් බොහෝමයක් හොඳින් ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් මධ්‍යම පංතියේ හෝ ඉහළ මධ්‍යම පංතිය නියෝජනය කරන්නන්.

ඔවුන් හා ඔවුන්ගේ පවුල් ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. ඒක තමයි මෙහි තිබෙන කනගාටුදායක තත්වය. මම හිතනවා ඔවුන්ගෙන් බෝහෝමයක් තවත් රටවල් කිහිපයක ඉගෙන ගෙන තිබෙනවා. ඔවුන්ට නීති උපාධි තිබෙනවා. ඔවුන් හොඳින් ඉගෙන ගත් පුද්ගලයන්. අපිට පූර්ණ වශයෙන්ම කියන්න පුළුවන් ආරක්ෂක අංශ ඉදිරි දින කිහිපයේදි මේ තත්වය පූර්ණ ලෙස පාලනය කරාවි.”