https://www.gossiplankanews.com/2019/04/katunayake-sec.html#more

 12.00 pm update
 ගුවන් තොටුපොළ රථගාල තුළ සැකකටයුතු වාහනයේ අයිතිකරුවෙකු හඳුනාගැනීමට අපහසුතාව මත මෙම සැකය මතුවී ඇත. වාහනයේ කිසිදු සැක කටයුතු දෙයක් හමුවී නැත.
මේ නිසා නැවත කටයුතු සාමාන්‍ය ලෙස අරඹා ඇත.
වාහන ගමනාගමනයට අවසර දී ඇති නමුත් උදෑසන තුරු තදබදය ඇතිවූ නිසා එය යතා තත්වයට පත්වීමට වේලාවක් ගතවනු ඇත.
කොළඹ සිට කටුනායක මාර්ගයේ අධික වාහන තදබදයක් තවම හටගෙන ඇත. අධිවේග මාර්ගය් සිටම මෙම තදබදය ඇතිව තිබේ.

11.20 am update
 කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටත්වන සියලුම ගුවන් යානා ප්‍රමාද වී පිටත් කරවීමට ගුවන් තොටුපොළ පාලනාධිකාරිය කටයුතු කර තිබේ. කෙසේ වෙතත් පැමිණෙන ගුවන් යානාවල කිසිම ප්‍රමාදයක් සිදු නොවෙයි.
කටුනායක ගුවන් තොටුපොළ

පිටත රථ ගාලේ සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳව කරන විමර්ශන වලට අදාළම මෙම ප්‍රමාදයන් සිදුව තිබේ.

ගුවන්තොටුපළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර මේ නිසා ආරක්සාව පිලිබඳ ගැටලුව ඇතිව තිබේ.
මේ නිසා පොලීසිය සහ ගුවන් හමුදාව එක්ව කටුනායක සහ ගුවන්තොටුපළ අවට ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ගුවන් ගමන් තොරතුරු දැන ගැනීම සඳහා ගුවන්තොටුපළ හෝ ගුවන් සමාගමේ දුරකථන අංකය අමතන්න.