බෝම්බ සහිතව නගරයේ සැරිසරන බවට ඊයේ පොලිසිය මගින් අනතුරු හැඟවූ සෝදිසියෙන් සිටින්නැයි
පොලිස්පතිවරයා විසින් ඊයේ (23) දැනුම් දුන්

වාහන කිහිපයෙන් වෑන් රථය සහ සැක සහිත තවත් යතුරු පැදියක් වරකාපොල ප‍්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙයි.
මේ වනවිට එම වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු  අත්අඩංගුවට පත්ව ඇත.
 මෙම වෑන් රථය කුළී පදනම මත ගමන් බිමන් සඳහා ලබාදෙන්නක් වූ අතර හෙම්මාතගම මවුලවිවරයෙකු විසින් කරන ලද වෙන් කිරීමකට අනුව ඩුබායිහි සිට පැමිණි සංචාරකයන් පිරිසක් ඉකුත් සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙම වෑන් රථය භාවිත කර ඇතැයිද තොරතුරු ලැබී තිබේ.කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළ ආකාරයේ පුපුරන ද්‍රව්‍ය මෙම වාහන සමග හසුව නැත.