https://www.gossiplankanews.com/2019/04/ntj-jmi-maithri.html#more

2019 අංක 1 දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව  නැෂනල් ත‍විහිඩ් ජමාත්   NTJ හා ජමියතුල් මිලාතු ඉබ්‍රාහිම් JMI සංවිධාන තහනම්
කරන බව‍ ජනපතිවරයා

අද සවස දන්වා සිටියේය.
Jammiyathul Millathu Ibrahim (JMI) හා  National Thowheed Jamath (NTJ) සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාර පසුපස සිටින බවට වාර්තා පළ විය.
මෙම තහනම නිසා හදිසි නීතිය යටතේ එම සංවිධාන හා සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම රදවා ගැනීම හා ත්‍රස්ත සැකකරුවන් ලෙස නම් කිරීමට අවස්ථාව සැලසේ.ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බව ය.