ත්‍රස්තවාදී බෝම්බකරුවකු වන NTJ නායකයා බව කියන මොහොමඩ් සහරාන්
නැමති පුද්ගලයාගේ
රියදුරු ලෙසට කටයුතු කර ඇති තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් ෂරිෆ් ආදම් ලෙබ්බේ
හෙවත් ගෆූර් (53) නැමති මෙම පුද්ගලයාව කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
මොහොමඩ් සහරාන් මියගිය බවට හා මියනොගිය බවට ිවවිධ වාර්තා තවම පළවෙන අතර ඔහු පසුගියදා පිපිරවීමට නායකත්වය දුන් බවටද අදහස් පළව තිබේ.රියදුරුගෙන් කරන ප්‍රශ්න කිරීම් වලින් වැඩිදුර විස්තර අනාවරණය වනු ඇතැයි පොලිසිය පවසයි.