https://www.gossiplankanews.com/2019/04/11dead-fake-news-kalmune.html#more
යේ රාත්‍රී ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර සජීවී වැඩසටහනට එක්වූ සන්ධානයේ මන්ත්‍රී පොහොට්ටු සාමාජික පියල් නිශාන්ත මහතා සිදු කළ ප්‍රකාශයක් නිසා මහජන කැළඹීමට හේතුවන තත්වයක් නිර්මාණය විය. රාත්‍රී 10.10 ට පමණ  එම ප්‍රකාශය සිදු කර තිබුණි.ඒ වනවිට උණුසුම් තත්වයක් ලෙස රටම හඳුනාගෙන සිටි අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා යුද හමුදාවේ රණවිරුවන්11 දෙනෙකු මියගිය බවත් රට බේරාගැනීම වෙනුවෙන් එදා සටන් කළ වටිනා ජිවිත අහිමිව ගිය බවටත් හැඟිම් බර ලෙස
ඔහු දන්වා සිටියේය.
 මෙම ප්‍රකාශය සත්‍ය එකක් නොවූ අතර

එම වෙලාවේ රතු ඉර මෙහෙයවමින් සිටි ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වන හරීන්ද්‍ර එය තවම තහවුරු කර නැති බව පමණක් දන්වා සිටි අතර වගකිම පියල්ට බාරගන්න කීවේය. ඔහු වගකීම භාර ගන්නා බව කීය.
පියල් නිශාන්ත කියා සිටියේ මෙසේය.

'අද වනවිට ඉතා බෑරෑරුම් තත්වයකට අපට මූහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ අද මේ වනවිටත් මං හිතන්නෙ මෙයට තිත තියන්න  බැරි විදියට මේක ව්‍යාකූල වෙලා. මේ වනවිට කල්මුනේ සයිද මර්ද ග්‍රාමය තුළ  රණවිරුවො 11 ක් මියගිහිල්ලා තියනවා. ලේ විලක් සොහොන් පිටියක් වෙලා තිබ්බ අපේ ආදරණිය රට බේරගත්ත 11 ක් මියගිහිල්ලා. සිද්ධියෙන් මරණ වලට මේ ගාණ එකතු වෙලා තියනවා තවත් සාමාන්‍ය ජනතාව හා ත්‍රස්තවාදී කියන කොටස් එක්ක මේ මරණ සංඛාව තවත් වැඩියි.'

මෙම අසත්‍ය පුවත නිසා එම නාලිකාව නරඹමින් සිටි විශාල පිරිසක් හා ඔවුන්ගෙන් පනිවිඩ ලද විශාල පිරිසක් කලබලයට පත්වන්නට ඇති බව නොරහසකි.
කෙසේ වෙතත් අද උදෑසන පොලිසිය තහවුරු කළේ  සිද්ධියෙන් ආරක්ෂක අංශ කිසිවෙකු මිය නොගිය බව හා ත්‍රස්තයින් හා පවුල්වල අය 15 ක් පමණක් මියගිය බවයි.
මේ නිසා ආරක්ෂක අංශ කිසිවෙකු මියනොගිය බව දන්වන්නට වෙනම ප්‍රකාශයක් පවා පොලිසිය මගින් නිකුත් කර තිබුණි.