https://www.gossiplankanews.com/2019/04/manik-suriarachchi-alexandria-melbourne-dies.html
ස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කළ ශ්‍රී ලාංකික පසුබිම ඇති මවක හා දියණියක ඉරිදා කටුවාපිටියේ දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සුදේශ් කොලොන්නේගේ දයාබර බිරියවූ මැණික් සූරිආරච්චි හා ඇලෙක්සැන්ඩ්‍රියා කොලොන්නේ නමැති 9 හැවිරිදි දියණිය
මෙසේ මරු මුවට පත්ව තිබේ. දේව මෙහෙය අවසාන අවස්ථාවේ රථගාල දෙසට සුදේශ් ගමන් කළ බවත් මැණික් හා දියණියට එන්නට තරමක් පමාවෙමින් තිබියදී ඔවුන් දෙදෙන ආසන්නයේ පිපිරුණ බෝම්බයට අවාසනාවන්ත ලෙස ගොදුරු වුණ බවත් කියැවේ. සුදේශ්ගේ ජීවිතය මෙහිදී බේරිනි.


මෙල්බන් නුවර බැංකුවක සේවය කළ මැණික් එරට කළමනාකාරණ ව්‍යාපාරයක්ද පවත්වා ගිය අතර සුදේශ් තාක්ෂණ නිලධාරියෙකු විය. ඔවුන්ට සිටි එකම දියනිය ඇලෙක්සැන්ඩ්‍රියා හඳුන්වා තිබුනේ සුරදූතිකාවක ලෙසිනි.

මව හා දියණියගේ අවසන් කටයුතු අඟහරුවාදා සවස සිදු කෙරිණි.

මෙම අවාසනාවන්ත මරණ දෙක හැරුණ විට 21දා ප්‍රහාර නිසා තවත් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු පමනක් තුවාල ලබා තිබුණි.

මෙම සිද්ධිය ඕස්ට්‍රේලියානු මාධ්‍ය සිය මුල්පුවත ලෙස වාර්තා කර තිබූ අතර එරට අගමැතිවරයාද විශේෂයෙන් අමතා සිය කණගාටුව පළ කර තිබුණි.