ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදයට එක් වෙමින් මෙසේ කීවේය

"විදේශ බුද්ධි අංශ මේ ගැන දැනුම් දුන්නා. එතකොට 4 වෙනිදා දැනුම් දුන්නද, 9 වෙනිදා දැනුම් දුන්නද කියන එක අදාල නෑනෙ. 4 වෙනිදා දැනුම් දුන්නා නම් 5 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න ඕන. 9 වෙනිදා දැනුම් දුන්නා නම් 10 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න ඕන. ඒ වගේ එකකට මේ වගේ සභාවක
කෑකෝ ගහන එකේ කිසිම තේරුමක් නෑ.

ඊළගට මම දැක්කා ලියුමක් තියෙනවා. අපිට දුන්නා අපේ ඇමති ආරක්ෂක අංශය ඇවිල්ලා. ඒ තියෙන්නේ පොලිස්පති ඇරපු ලියුම. තව මම දැක්කා ඊයේ ටීවි එකේ. ජාතික බුද්ධි ප‍්‍රධනියා පොලිස්පතිට එවපු ලියුම. ඒ ලියුම පොලිස්පතිට එවලා තියෙනවා ජාතික
ජාතික බුද්ධි ප‍්‍රධනියා. අපි දන්න විදියට ආරක්ෂක කවුන්සිලයක ජාතික ජාතික බුද්ධි ප‍්‍රධනියා ඉන්නේ පොලිස්පති යටතේ නෙමෙයි.

ඔහු ඉන්නේ ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ඇමති යටතේ. එතකොට ජාතික බුද්ධි ප‍්‍රධනියා ලියුමක් එවනවා නම් අනිවාර්යෙන්ම ජනාධිපතිටත් යනවා. ඒ ලියුම තමා ගිහින් තියෙන්නේ ආරක්ෂක ලේකම්ටත්. ඒ ලියුම අනිවාර්යෙන් පොලිස්පතිටත් යනවා. එතකොට මේ ලියුම යටතේ කි‍්‍රයා කළේ නැ කියලා, පොලිස්පති අල්ලන් කන්න හදන එක හරිද. එතකොට ජනාධිපතිට ඒ ලියුමේ පිටපතක් නොගියා නම් ඒක වෙනම ප‍්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නෑ.

ආරක්ෂක කවුන්සිලය සුමානෙකට පාරක් තිබුණ නම් අනිවාර්යෙන්ම මේ ලියුම ගැන කථා කළ යුතුව තිබුණා. මේ වගේ ලියුමක් ආවාම ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවන්න ඕන. සුමානයක් යනකම් ඉන්න බෑ. ඒ හන්දා පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප‍්‍රශ්නෙට විසඳුමක් එන්නේ නෑ. පහළ තැනින් වතුර බහින්න හදන එක මම හිතන්නේ හරිම අසාධාරණයි.

අපේ ආණ්ඩුව වුණත් පොලිස්පතිට මේකට බැනලා. පොලිස්පති ගැන පුද්ගලික මතයක් නෙමෙයි මම කියන්නේ. පොලිස්පති පත්කරපු වෙලේ මම කිව්වා වික‍්‍රමසිංහට දුන්නා නම්
මීට වඩා හොඳයි කියලා. මම කිව්වේ වික‍්‍රමසිංහට අවුරුදු 2 ක් දීලා මෙයාට දෙන්න කියලා. මම ජනාධිපති හම්බෙලා 4 පාරක් ඒක කිව්වා. නමුත් මෙතන තියෙන්නේ වෙන ප‍්‍රශ්නයක්.

පොලිස්පති එළියට දැම්මා කියලා මේ ප‍්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඒකට වගකිව යුත්තො ඉන්නවා ඊට වඩා ඉහළින්. ඒගොල්ලො මේකට වගකියන්න ඕන. ඒ නිසා ඒ ලියුම ගණන් ගත්තේ නැති එක විශාල ප‍්‍රශ්නයක්. ඒක රටේ ආරක්ෂාවට ඇති වුණ විශාල පහරක්.

මේ සිද්ධිය වෙලත් අගමැතිතුමා හමුවීමට ඒමට මට ආරාධනාවක් ලැබුණේ පැය 48 කට පස්සෙ. එතකන් අගමැතිතුමා හම්බෙන්න මට ආරාධනාවක් ආවේ නෑ. මම ෆීල්ඞ් මාෂල් කෙනෙක්. මම මේව ගැන දන්නවා. මම ෆීල්ඞ් මාෂල් වුණේ ගෝල් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි. (සැවොම සිනාසෙති)

ඒක හන්දා මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණා. මේ ආණ්ඩුවෙ කවුරුහරි ඉන්නවාද මට වඩා ආරක්ෂාව ගැන දන්න අය. ඉන්නවා නම් මම ෆීල්ඞ් මාෂල් පට්ටම ගලවලා එයාට දෙනවා. කිසි ප‍්‍රශ්නයක් නෑ.

ඒක හන්දා අපෙන් ප‍්‍රයෝජන ගන්න. අපිට තාන්න මාන්න ඕන නෑ. වෙඩි නොවදින රථ ඕනත් නෑ. මොනවත් එපා. නමුත් මේ රටට යමක් කරන්න පුළුවන් හැකියාව තියෙනව කියලා හිතෙනවා නම්, ඒකට මොලේ තියෙනවා, දැනුම තියෙනවා කියලා හිතෙනවා නම් අපෙන් ප‍්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි."