https://www.gossiplankanews.com/2019/04/100-gotabhaya-presidency-reuters.html
බන දෙසැම්බර් මස පවත්වන ශ්‍රී ලංකා ජනපතිවණයට තරග කරන බවත් එය සියයට සියයක් තහවුරු කළ හැකි බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවයට ඊයේ ප්‍රකාශ කළේය.
එහි එය සටහන් වන්නේ Gotabaya said he would be a candidate “100 percent”, firming up
months of speculation that he plans to run in the elections, which are due by December.  ලෙසිනි.

රොයිටර් පුවත් සේවයේ සංජීව් මිග්ලානි හා ෂිහාර් අනීස් සමග ගෝඨාභය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීම හා බුද්ධි අංශ යළි ශක්තිමත් කිරීම ප්‍රමුඛ වන බව දන්වා ඇත.

යුද සමයේ හා ඉන් අනතුරුව තමන් ගොඩනැගූ බුද්ධි අංශ ජාලය වත්මන් රජය බලයට පත් වීමෙන් පසු අඩපණ නොකළේ නම් පසුගියදා ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගත හැකිව තිබූ බවද ගෝඨාභය මෙහිදි කියා ඇති අතර රජය මෙවන් තත්ත්වයකට සූදානම්ව නොසිටි බව අදාළ පිපිරීම්වලින් පසු රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලින් පෙනී යන බව ද දන්වා ඇත.

(“Because the government was not prepared, that’s why you see a panic situation,”)
තමන්ට ඇමරිකාවේ වැටී ඇති නඩු මෙම තරග කිරීමට බාධාවක් නොවේදැයි විමසද්දී එය සුළු වික්ෂිප්තභාවයක් පමණයි ඒ ගැන ගැටලුවක් නෑ (“little distraction”) ලෙස ඔහු දන්වා ඇත.

ගෝඨාභය මේ ගැන සඳහන් කළ රොයිටර් පුවත් සේවයේ ලිපියට යොමුව පහතින්

https://www.reuters.com/article/us-sri-lanka-blasts-gotabaya-exclusive/