https://www.gossiplankanews.com/2019/04/white-cloths-meerigama-poya-attack.html
මීරිගම කඩයකින් මුස්ලිම් කන්තාවන් මිලයට ගත් සුදු ඇඳුම් සායින්දමුරුදුහි නිවසින් හමුවීමත් සමග වෙසක් පොහොය දවසේ සුදු ඇඳගෙන පිපිරීම් කරන්න සූදානමක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තාවේ. මෙලෙස සුදු ඇඳුම් මිලදී ගත් මුස්ලිම් කාන්තාවන් සෙවීමට
පොලිසිය මහජන සහයද පතා ඇත.


ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලක් වෙත පැමිණි බුර්කා ඇඳුමින් හිස වසාගෙන ආ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ මුස්ලිම් ජාතිකයෙකු යයි හඳුනාගතහැකි රියදුරු සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් විමසා තෝරාගෙන ඇත.

ඔවුන්ගේ සිරුරේ ප්‍රමණයට වඩා තරමක් වැඩි ඒවා අවශ්‍ය යයිද දන්වා ඇත. පසුව ඒවා මිලට ගන්නට රුපියල් 29,020ක් ගෙවා තිබේ.
මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ටම විය හැකි බවට හඳුනාගතහැකි යුගල 5ක් සායින්දමුරුදු ගම්මානයේ බෝම්බ පුපුරුවාගත් නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 තවම හමුවී නැත.

ප්‍රහාරයට දින දෙකකට පෙර ඉකුත් 19වැනිදා සවස 6.30ට පමණ මෙම මිලට ගැනීම සිදුව ඇත.
සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත.
 ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක මතුව ඇත.
එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පැවසේ.
මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.