ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙයි.
පසුගියදා බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා සියගණන් ජීවිත අනතුරේ
හෙළූ බවට ඔහුට චෝදනා එල්ල විය.
එසේම ඒ ගැන විදේස් මාධය කළ විමසීමේදී ඉතා සැහැල්ලුවෙන් වගකීම් විරහිත ප්‍රකාශ සිදුකළබවටද විවේචන එල්ල විය.
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිතිවරයාට සිය ධුර වලින් ඉල්ලා අස්වන්න යැයි ඉල්ලීමක් කර තිබූ අතර  ඒ අනුව ඔහු ඉල්ලා අස්ව ඇත.
කෙසේ වෙතත් තමා  ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු ලියා ඇති ලිපියට අනුව ඔහු බුද්ධි අංශ තොරතුරු අවශ්‍ය අයට දැන්වූ නමුත් අදාළ නිලධාරීන් නිසි ලෙස කටයුතු නොකළ බවට හේතු දක්වා ඇත.