ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පසු ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අවහිර කිරීමට රජය පියවර ගන්නා ලදි. මෙයට හේතුවූයේ අසත්‍ය ආරංචි පැතිර යාම අවම කිරීමයි. ඒ අනුව ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, වයිබර්, ඉමෝ ඇතුළු ප්‍රකට මාධ්‍ය රැසක් අවහිරවිය.

ඊයේ බෝම්බ පිපිරුන ස්ථාන වලට අමතරව

තවත් ස්ථාන වල බෝම්බ පිපිරුණ බවට හා බොම්බ තිබෙන බවට ව්‍යාජ අනතුරු ඇඟවීම් මෙම මාධ්‍ය ඔස්සේ පළවූ බව ප්‍රසිද්ධ විය.

ඒ අතරම පිපුරුමට සම්බන්ධ බවට එක් එක් අයගේ හා සංවිධාන වල නම් සඳහන් කරමින් වාර්තා පළවීමද මෙම අවහිරතාව ඇති කිරීමට මුල් විය. ඇතැමුන් දක්වා තිබුනේ මාකඳුරේ මදුෂ් මේ පසුපස සිටින බවයි. තවත් අය විවිධ මුස්ලිම් සංවිධාන හා මුස්ලිම් අන්තවාදීන්ගේ නම් මෙයට ඈඳා තිබූ අතර ඒවා ඔප්පු කිරීමට ලිපිලේඛනද සකසා හුවමාරු කර තිබුණි.

පොලිස් සයිබර් අංශය මෙම ලේඛන බොහොමයක් ව්‍යාජ ඒවා ලෙස හඳුනාගෙන ඇති බව ඊයේ සවස පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන ලදි. අවහිරකිරීම ඒ නිසා ඉක්මණ් කළ බවත් ඒ අනුව එම ව්‍යාජ ලේඛන හුවමාරු කළ අය ගැන වෙනම පරීක්ෂණ අරඹා ඇති බවත් දැනුම් දුන්නේය.

මීට ඉහත මහනුවර දිගන ජාතිවාදී ගැටලු අවම කිරමේ පියවරක් ලෙස සමාජ මාධ්‍ය අවහිර කිරීම සාර්ථක වූ බවට රජය ප්‍රකාශ කළ නිසා මෙවර ඉක්මණින්ම එම පියවරට යොමු විය.
මෙම අවහිරතාවයන් නිසා තම පවුල්වල අයට සන්නිවේදනය කිරීම අපහසු වූ බවත් වීපීඑන් හරහා හෝ විදේශ සිම්පත් හරහා මිස සමාජ මාධ්‍ය වලට පිවිසීම කළ නොහැකිවූ බව අනතුරින් පසුවත් ලංකාවේ රැඳී සිටි විපතට පත් හෝ එසේ නොවූ විදේශිකයින් දන්වා තිබූ අතර ඒ ගැන සීඑන්එන් වාර්තාවක්ද පළ කර තිබුණි.