ශ්‍රී ලංකාවේ 21 ඉරිදා ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා
ජාත්‍යන්තර (INTERPOL) පොලිස් නිලධාරීන්
කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම කටයුත්තේදී ජනපතිවරයා ජාත්‍යන්තර සහය ඉල්ලා සිටීමෙන් පසු මෙම කන්ඩායම පැමිනෙන බව දන්වා ඇත.
දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මෙම පුපුරැවාහැරීම් වලට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සහාය ඇති බවට ඉඟි පළව තිබීමත් ඒ ඔස්සේ වැඩිදුර සොයාබැලීම් කිරීමෙදී ජාත්‍යන්තර පොලිසිය සහය ලබාගැනීමේ වැදගත්කමත් මත ශ්‍රී ලංකා රජය ඒ සඳහා සිය අභිමතය දක්වා ඇත.