https://www.gossiplankanews.com/2019/04/denmarks-wealthiest-and-asos-billionaire-who-lost-3-kids-in-lanka.html
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරුවන් තිදෙනෙකු පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයේදී හොටලයකදී මරු දුටු බවට පසුගියදා ඉහළින් වාර්තාවී තිබුණි. මෙම සිදුවීම සිදුවූ ආකාරය ගැන මුලදී වැඩි විස්තර හෙළි කර තිබුනේ නැති නමුත් වැඩි විස්තර මේ වනවිට වාර්තාවේ.
ලංකාවේ සංචාරය පිණිස ඇන්ඩර්ස් පොව්ල්සන් නමැති මෙම වයාපාරිකයා බිරය හා දරුවන් 4 දෙනා සමග
පැමිණ තිබේ. ඔවුන් මුලින් සංචාරය ගොස් ඇත්තේ තංගල්ලේ හෝටලයකටය. පසුව
කොළඹ නතරවී එක් රැයක් ගතකර පසුදාම ‌ඩෙන්මාර්කය බලා පිටත්ව යාම සැලසුම වී ඇත.
මේ නිසා තංගල්ලෙ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ
නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර  ඇති අතර උදෑසන ආහාරය ලබාගැනීමෙන් පසු දහවල් පිටත්ව යාමට සැලසුම වී තිබේ.
උදේ ආහාරයට ෂැංග්‍රිලා හෝටලයේ 3 වන මහලේ පිහිටි 'ටේබල් වන්' නමැති අවන්හල වෙත පොව්ල්සන් මහතා ගැහැණු දරුවන් දෙදෙනකු හා පිරිමි දරුවා  සමග ගොස් ඇත්තේ පොව්ල්සන් මහත්මිය පිහිනීමෙන් පසු උදේ ආහරය ගන්නට තීරණය කර ඇති  බැවිනි. මෙම අවස්තාවේ ඇය ඉතිරි එක් දියණියක සමග  නාන තටාකයට ගොස් තිබෙන අතර

කෑම ගන්නට පසුව පැමිනෙන බව දන්වා තිබී ඇත.

මේ අතර මරාගෙන මැරෙන ප්‍රහාරකයන් දෙදෙනෙකු ෂැංග්‍රිලා අවන්හල වෙත ඇතුළුවී ඉන් එක් අයෙකු පළමුවත් දෙනවැන්නා ඊට මිනිත්තු කිහිපයකිනුත් බෝම්බ පුපුරුවා ගැනීමේ සිදුවීම වාර්තා විය.

පළමු ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට දියණියන් දෙදෙනා සහ පුතු සමඟ ශාලාවේ  කෙළවරක සිටි පොව්ල්සන් මහතා සිටි අතර ඉන් කිසිදු අනතුරක් 4 දෙනාටම සිදුවූයේ නැත. ඔවුන් ඇතිවූ ගිනි දැල් හා දුමාරය මැදින් ඉන් ඉවත්වී දිවි බේරාගෙන ඇත. දෙවන ප්‍රහාරයක් ඇතිවේ යයි ඔවුන් දැන සිට නැත.

ඔවුන් සිව්දෙනා එක රොත්තට බදාගත් බවත් හැකි ඉක්මනින් එතැනින් පිටතට යාමට උත්සාහ කළබවත් වාර්තා විය. ඒ් අනුව වහාම අවන්හලට වෙත ඔවුන් පැමිණි විදුලි සෝපානය දෙසට දිවගිය බව වාර්තා වේ. නමුත් අවාසනාවට බෝම්බ ප්‍රහාරය නිසාදෝ විදුලි සෝපානය ක්‍රියාවිරහිත තත්වයේ තිබී ඇත.

පොව්ල්සන් මහතා කල්පනා කර ඇත්තේ ඉතිරි දරුවා හා බිරිය මෙම අවස්තාවේ නිරුපද්‍රිතද නැද්ද යන්න ගැනයි. ඔහු තමා අසළ සිටින දරුවන් තිදෙනා අවන්හලට යාබද සෝපානය අසළ නවතා පැත්තකටවී ඉන්න යයි දන්වා  බිරිඳ හා අනෙක් දරුවා සෙවීමට පහළට තරප්පු පෙළ ඔස්සේ ගොස් තිබේ.
මේ සමගම අවාසනාවන්ත ලෙස දෙවැනි බෝම්බය පුපුරා ගිය අතර ඒ පුපුරායාමෙන් එම දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය තිදෙනාගෙන් දියණියන් දෙදෙනාගේ සිරුරු හඳුනාගත හැකි මට්ටමේ තිබුණත් පුතුගේ සිරුර හඳුනාගත

නොහැකි තරම් විනාශ වී තිබු අතර එය හඳුනාගනු ලැබුයේ ඩෙන්මාර්කයෙන් ගෙන්වා ගන්නා ලද ඔහුගේ ඩී එන්  ඒ වාර්තා මළ සිරුරු හා සැසඳීමෙන් බවද වාර්තා විය.
නාන තටාකයේ සිටි බිරිය හා එක් දියණියක සමග පොව්ල්සන් මහතා තනිවූයේ අවාසනාවන්ත ඉරණමක් අත්කරදෙමිනි.
ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද විස්තරවූ මෙම සිද්ධිය බොහෝ දෙනාට කම්පනය ඇතිකරවූ ආරංචියකි.

ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් ඊයේ(26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන 46 හැවිරිදි  ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්  වැඩිම ආදායම් ලබන ASOS නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිලි ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමියා හැටියට සැලකේ. ඔහු Zalando නමැති ඒවැනි ජර්මානු සමාගමේද හිමිකරුය. ඊට අමතරව ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඔහු අක්කර 220000 ක හිමිකරුවෙකි.
ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය නිසා ඇතිකරගත් අනපේකෂිත ඉරණම ලංකාවේ සංචාරක ක්ෂෙත්‍රයේ අපකීර්තියට පවා හේතුවිය.