මඩකලපුව ශාරියා විශ්ව විද්‍යාල ඉදිකිරීම් පරිශ්‍රයේ තිබී පිපිරීම් සඳහා යොදා ගන්නා කූරු 200ක් සහ වයර්
තොගයක් සොයා
ගෙන තිබේ.
ඊයේ යුද හමුදාව විසින් එම පරිශ්‍රයේ සිදු කරන ලද සෝදිසි කිරීමේදී එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී විශ්ව විද්‍යාලයේ සිටි පුද්ගලයන් පවසා ඇත්තේ එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා එම ද්‍රව්‍ය යොදාගන්නා බවයි.
කෙසේවෙතත් එම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුදා භාරයට ගෙන තිබේ.