https://www.gossiplankanews.com/2019/04/bomb-truck-found.html
පාස්කු ඉරිදා ප්‍රහාරවලට බෝම්බ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරියක් අද දහවල් වත්තල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබේ.
වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේදී එය පොලිස් භාරයට ගෙන තිබෙයි.  අද දහවල්
වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

ගත් සැකකරුවකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව කොටහේන පොලීසිය කළ මෙහෙයුමකදී මෙය හමුව ඇත. අද මෙලෙස සොයා ගැනුණේ  D A E 41 97 දරන ලොරි රථයයි. එම ලොරි රථය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලීසිය මීට පෙර ජනතාව දැනුවත් කර තිබුණි.
D A E 41 97 දරණ එම ලොරි රථය ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගෙන මියගිය තඹ ව්‍යාපාරික ඉන්ෂාෆ්ගේ නමට  ලියාපදිංචි කර ඇති බව ද පොලීසිය පවසයි.