https://www.gossiplankanews.com/2019/04/cd-wicremaratne-dig.html
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත්විම සිදුනොවූ තැන ඔහු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනපතිවරයා අද උදෑසන පත් කළ බව එම මාධ්‍ය අංශය දන්වා සිටී.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදෙස් ගතවී සිටින අතරවාරයේ අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා (21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෙලස පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති අතර ඊට හේතු දක්වා සමත්වීමෙන් පමණක් නැවත තනතුරට පත්විමට හැකියාව ලැබේ.
ඊට අමතරව ආරක්ෂක

අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාවද අද පත් කර තිබේ.
එකී පත්වීම් දෙකට අමතරව
නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.
මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස ද පත් කර තිබේ.
අදාළ සියලූ පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත් බව මාධ්‍ය අංශය දන්වයි.