පොලිස් විශේෂ කාර්ය බලකාය හා ලුනුගල පොලීසිය විසින් ලුනුගල බටාවත්තේදී කළ සෝදිසි. මෙහෙයුමකදී
නාවික හා යුධ හමුදා
නිලඇදුම් රෙදි කැබලි තුනක් ළග තබාගෙන සිටි 41 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අද (29) දා අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .

සැකකරුගේ නිවස සෝදිසියට ලක්කිරිමේදි මෙම රෙදි කැබලිවලට අමතරව විදේශ ගමන් බලපත් 18ක් සහ ජාතික හැදුනුම්පත් 7ක්ද සොයාගෙන තිබේ.

සුලෙයිමන් සියාරක් අලි නැමති මෙම සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කරමින් පවතී.

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර සහ බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩුල්සිම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .