https://www.gossiplankanews.com/2019/04/saharan-hashim-is-live.html
සුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල මහමොළකරු බව කියන සහරාන් හෂීම් නමැත්තා මියගියේද නැද්ද? යන්න සැක සහිත බව මේ වනවිට පරීක්ෂණ පවත්වන අංශ වලට සැකයක් මතුව තිබේ. මුලින් පළවූ වාර්තාවලින් ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදුකරගෙන මොහු මරාගෙන මැරුණ බවට මාධ්‍ය වෙත වාර්තා පළව තිබුණත්
මේ වනවිට ෂැංග්‍රිලා පිපිරුම සිදු කලේ දෙමටගොඩ පවුලේ පුතෙකු වන ඉල්හාම් සහ තවත් සහායකයෙකු ඒක්වී බවට සීසීටීවී මගින්ද තහවුරු කළ වාර්තා ලැබී තිබේ.
 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමාඩ් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එම මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගියේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බව ආරක්ෂක අංශ බීබීසි සිංහල සේවයට පවසා ඇත.
 'එම පුද්ගලයා මෙම බෝම්බකරුවන් අතර සිටින බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව'

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ පරීක්ෂණ නිලධාරියෙකු පවසා ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු මෙම ප්‍රහාර වලට සම්බන්ධ වී තිබෙන අතර, එයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද බලධාරීන් පවසා තිබේ. මේ අතර දෙමටගොඩ නිවසේදී දෙවන පිපිරීමෙන් දරුවන් තිදෙනෙකු සමග ඉල්හාම්ගේ බිරිය ෆාතිමා මියගිය බවත් ඇය එසේ මියගියේ තමන් විසින් දරුවන්ද සමග මරාගෙන මැරෙන සියදිවිනසාගැනීමක් ලෙස බවත් පොලිසිය මේවනවිට විශ්වාස කරයි. ඒ අනුව මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයට 9 වැනියා ලෙස එක්වූ කාන්තාව ෆාතිමා වනු ඇති බවටද සැක පළව තිබේ.
බුද්ධි තොරතුරු මගින්ද හෙලි කර තිබුණ පරිදි

මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් මෙම ප්‍රහාරයේ ප්‍රධානියා වූ අතර කලු හැඳගෙන මුහුණ නිරාවරණය කරගෙන අයිඑස් විඩියෝවේ සිටින්නේද ඔහුය.
ඔහුට සිදුවූ දේ තවම පැහැදිලි නැත.
අද (25) ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇති ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම්ගේ  සොහොයුරියක පවසා ඇත්තේ ඔහු සහ පවුලේ සියලු දෙනා ප්‍රහාරයට දින තුනකට පෙර සිට අතුරුදන්ව සිටින බවයි.
 හෂීම් මදානියා නමැති ඇය ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ තමන් පසුගිය 18 වැනිදා කාත්තන්කුඩිහි පිහිටි සහරාන්ගේ නිවසට ගිය බවත් පවුලේ සියලු දෙනා එහි නොසිටි බවත්ය.