ලබන අප්‍රේල් 30 වනදා දිවයිනට පැමිණීමට සිටි පාකිස්තානු 19 න්පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පවත්වන්නට
තිබූ තරගාවලිය
අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ඔවුන් සමග ශ්‍රී ලංකා 19 න් පහළ පිල දින 4 තරග 2 ක් හා එක්දින තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව හා නරඹන්නන් නොපැමිණීමට තිබෙන ඉඩ සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.