https://www.gossiplankanews.com/2019/04/shantha-mayadunne-nisanga-death.html
යේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ ඇතිවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය හා ඇගේ වැඩිමල් දියණිය ජීවිතක්ෂයට පත් වූ සිදුවීම මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා අනුවේදනීය විශේෂාංග ලිපි පළකරවන්නට හේතුවූ සිදුවීමක් බවට පත්ව තිබේ.
එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ඇගේ වැඩිමල් දුව නිසංගා මායාදුන්නේ විවේක නිවාඩුවකට ලංකාවට පැමිණි පසුව පාස්කු ඉරිදා
දේවමෙහෙයට යන්නට ප්‍රථම ශාන්තා ඇගේ නිසංගා දුව හා පවුලේ අය සමග උදෑසන අහාරය සඳහා ෂැන්ග්‍රිලා හෝටලයට ගොස් ආහාර ගනිමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය.

ආහාරය සඳහා අසුන්ගත් පසුව නිසංගා මව ඇතුළු පවුලේ 6 දෙනකු සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ඇගේ

ෆෙස්බුක් ගිණුම ඔස්සේ මිතුරන් සමග බෙදාගෙන තිබුනේ Easter breakfast with family ලෙස සටහන් කරමිනි. ඉන් සුළු වේලාවකට පසු ෂැන්ග්‍රිලා හෝටලයේ ඇතිවූ බෝම්බ පිපිරුම් වලින් විදේශ ජාතිකයින් ඇතුළු පිරිසක් මියගියහ.
ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරුම් 2 ක් ඇති විය. එක් පිපුරුමක් සිදුවූයේ  බුෆේ ක්‍රමයට උදැසන ආහාර ලබාදීම සිදුවූ එහි පළමු මහලේ අවන්හලෙහිය. ශාන්තා දියණිය ඇතුළු පවුලේ අය ආහාර ලබාගනිමින් සිටියේ එහිය.අවාසනාවන්ත පිපුරුමට හසුවූ ශාන්තා හා දියණිය නිසංගාද මියගිය අය අතරට එක් විය.පවුලේ අනෙක් අය බේරිණි.

නිසංගා සරසවියේදී ඉතා ප්‍රකට සිසුවියක වූ බවත් ඇයගේ මව ශාන්තා ලංකාවේ නමදිනූ සූපවේදිනියක බව බොහෝ අය දැන සිටි බවත් නිසංගා ගැන මතකය අවදි කරමින් රාධා ෆොන්සේකා නමැති මිතුරියක විදෙස් මාධ්‍ය වලට අදහස් දක්වා තිබුණි.

නිසංගා දැමූ සෙල්ෆිය නරඹා ටික වේලාවකින් ඇය මියගිය බව ආරංචිවීම තමන්ට අදහාගන්නට බැරිදෙයක් වූ බව ඇගේ මිතුරිය රාධා ගල්ෆ් නිවුස් පුවත් සේවයට දන්වා ඇත.

ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මිය ITN නාලිකාවෙන් ලංකාවේ මුල්ම රූපවාහිනී සූපවේදී වැඩසටහනද මීට වසර ගණනාවකට පෙර ගෙන ආ තැනැත්තියයි. ඇය සූපවේදී ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇති අතර ආහාර සැකසුම සම්බන්ධ පාඨමාලා පවත්වන ඇකඩමියක්ද පවත්වා යමින් පන්නිපිටියේ පදිංචිව සිටියාය. ඇගේ මරණය රූපවාහිනියෙන් ඇය දැකපුරුදු බොහෝ දෙනාට කම්පනය ඇති කරවන ආරංචියක් විය.