21 වැනිදා සිදු වූ බෝම්බ පිපිරීම් සිද්ධියට සම්බන්ධ කණ්ඩායමේ විශාල පිරිසක් පිපිරුම් වලින් අනතුරුව
පළාගොස් දිවයිනේ විවිධ ස්ථානවල
සැඟවී සිටින බවට පොලිසියට ආරංචි ලැබී තිබේ.
 ආරක්ෂාව පතා යාපනයට පලා ගිය බවට සැක කරන පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ 23 සවස වන විට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 09 දෙනා බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ යාපනයට පැමිණි හේතුව නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට අසමත් වූ බව වාර්තාවේ.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරේ.