https://www.gossiplankanews.com/2019/04/danish-billionaire-asos-shareholders-children-died-in-sri-lanka.html
ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයා හැටියට සැලකෙන  Anders Holch Povlsen ගේ දරු තිදෙනා ඊස්ටර් නිවාඩුව පිණිස ලංකාවට ආ ගමනේදී ඊයේ මරුදුටු බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍යයේ වැඩිම ආදායම් ලබන ASOS නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිලි ව්‍යාපාරයේ
වැඩිම කොටස් හිමියා හැටියට

සැලකෙන ඔහු Zalando නමැති ජර්මානු සමාගමේද හිමිකරුය. ඊට අමතරව ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඔහු අක්කර 220000 ක හිමිකරුවෙකි.

46 හැවිරිදි Povlsen ට දරුවන් 4 දෙනෙකු සිටින බවත් ඉන් තිදෙනෙකු මෙලෙස මිය ගිය බවත් වාර්තා කර තිබේ. ඊයේ ශ්‍රී ලංකාවේ හෝටලයක සිදුවූ ප්‍රහාර නිසා මරු දුටු බව සීඑන්එන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් ඒ කවර හෝටලයේදීදැයි සඳහන් කර නැති අතර මියගිය අයගේ නම්ද ප්‍රසිද්ධ කර නැත.

මෙම සිද්ධිය කනගාටුවෙන් දැනුම් දෙන බවත් ඔවුන් මෙය ප්‍රසිද්ධ කිරීමට කැමතිදැයි විමසා සිටීමෙන් පසුව මෙම තොරතුර හෙළි කළ බවත් සීඑන්එන් වෙත ඒ බව දන්වා සිටි Povlsenගේ පවුලේ සමීපතමයා දන්වා ඇත.
මේ දරුවන් පසුපස හරවා පෙනී සිටින ඉන්ස්ටර්ග්‍රැම් ඡායාරූපයක්ද මෙම වාර්තාව සමග පළ කර තිබුණි.