අම්බලන්තොට කොග්ගල්ල ලංගම බස් රථයේ බොරුවට බෝම්බය තැබූ  පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.

අම්බලන්තොට කොග්ගල්ල හංදියෙන් අම්බලන්තොට
නගරය බලා (25) උදේ ධාවනය වීමට නියමිතව තිබූ
ලංගම බස් රථය තුළ අයිතිකරුවෙක් නොමැති පාර්සලයක් තිබීම සම්බන්ධයෙන් බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ
නිළධාරින් ගෙන්වා පරීක්ෂා කිරීමෙන් පසු එම පාර්සලයේ පරණ පරිගණක කොටස් කිහිපයක් තිබී හමු වී තිබෙනවා.
අනතුරුව එය අම්බලන්තොට පොලිසිය භාරයට ගෙන සිදුකළ පරීක්ෂන වලින් පසුව මෙම සැකකරු (26) අත්

අඩංගුවට ගෙන තිබෙනවා.

පරණ යකඩ බඩු එකතු කරන්නෙක් ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා යුද හමුදාවේ සේවය කල ඉන් පලා ආ අයෙක් බවද  වරාගෙඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා (25) මෙම සිද්ධිය සිදු වන දිනට
පෙර දින වන තෙක් කෝණ්ඩය හා රැවුල දිගට වවා කොණ්ඩය ඉහළට බැඳ තිබූ අතර, සිදුවීම සිදු වීමෙන්
එදිනම උදේ කොණ්ඩය හා රැවුල සම්පූර්ණයෙන්ම කපා වෙස්වළාගෙන ඇතැයිද බෝම්බයක් ආකාරයට පාර්සලය තබා ඇත්තේ හිතාමතා බියක් ඇති කිරීමට යයිද අනාවරණය වී ඇත.