https://www.gossiplankanews.com/2019/04/nisanga-mayadunne-shantha.html
රිදා ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ අනතුරින් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නෙ සහ ඇගේ වැඩිමල් දියණිය වන නිසංගා මායාදුන්නේ මියගියාය.
මෙම අනතුර සිදුවූයේ ෂැන්ග්‍රිලා හෝටලයේ ටේබල් වන් නමැති 2 වන මහලේ පිහිටි අවන් හලේය.
ෂැන්ග්‍රිලා හෝටලයේ සහ පානදුර නිවසක මාස ගණනාවක සිට නැවතී සිටි සැකකරුවෙකු සැලසුම් සහගතව මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස මෙම පිපිරුම සිදුකරගෙන තිබුනේ
අවන්හලේ උදෑසන ආහාර ලබාදෙන අවස්ථාවේය. එදින 'ඊස්ටර් බ්‍රෙක්ෆස්ට්' නමින් හඳුන්වන විශේෂ පාස්කු උදෑසන ආහාර වේල පැවති නිසා එහි ගැවසුනේද පල්ලි යන්නට සූදානමින් සිටි පිරිස්ය.
ශාන්තා ඇගෙ සැමියා වන කුමාර් හා වැඩිමල්දුව නිසංගා හා නිසංගාගේ සැමියාත් ශාන්තාගේ පුතු හා

ලේලියත් බාල දියණිය තරංගාත් මෙම උදෑසන ආහාර වේල ලබාගන්නට පැමිණ තිබුණි.
සිද්ධිය විස්තර කරන ශාන්තාගේ සැමියා කුමාර් මෙසේ කියා ඇත.
'අපි උදෑසන ආහාරය ගන්න ෂැංග්‍රිලා හෝටලේ දෙවැනි මහළට පැමිනියා. කෑම තිබුනේ බුෆේ ක්‍රමයට.ශාන්තායි දුවයි මුලින් ආහාර බෙදාගන්න ගිහින් ආවා ඉන් පසු මා සහ මේසයේ සිටි අනෙක් අය කෑම බෙදාගන්න ගියා පිපිරීම ඇතිවුනේ ඒ අවස්ථාවේ. ඇත්තටම ඔවුන්ට අනතුරවුනේ ගොඩනැගිලි කොටස් වලට යටවීමෙන්. ඔවුන් දෙන්නා සිටි තැන ගොඩනැගිල්ලෙ ඉහළ කොටස ඔවුන්ගේ සිරුරු මත පතිත වුණා.'
මෙම අනතුරින් ශාන්තා හා දුව මියගියත් ඔවුන් හා ආ අනෙක් අය බේරිණි.
අවාසනාවන්ත ලෙස මියගිය ශාන්තා කවුරුත් හඳුනන සූපවේදිනියකි.
ඇගේ දියනිය නිසංගා විවාහ වීසිටියේ  ශාන් ජයසේකර මහතා සමගිනි. ඔවුනට මාස 6 ක බිළිඳු දියණියකද සිටී. එදා උදෑසන ආහාර අවස්ථාවට ඔවුන් දරුවා රැගෙන ආවේ නැත.
නිසංගා වැඩිදුර අධ්‍යාපනය ලබන්නට විදෙස් ගතවීමෙන් අනතුරුව කොළඹ පෑන් ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටියාය.
මෙම අවාසනාවන්ත සිද්ධිය නිසා නිසංගාගේ මාස 6 බිළිඳු දියණියට මවක අහිමි විය.
පන්නිපිටිය කොට්ටාව පරණ පාරේ නිවසේ ශාන්තා හා නිසංගාගේ දේහයන් තැන්පත් කර තිබේ.
අවසන් කටයුතු 25 සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.