බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු
මන්ත්‍රී ආචාර්ය ආශූ මාරසිංහට
මරණීය තර්ජන සහිත අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වෙයි. ජීවිතේ රැකගන්න නම් පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් දන්වා ඇත.
එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයි වාර්තාවේ.