https://www.gossiplankanews.com/2019/04/katuwapitiya-family-dies.html
සුගියදා ලොවම කම්පාවට පත්කරමින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයේදී දිවි අහිමිවූ සියගණනක්වූ අය අතර සිටි එක්තරා පවුලක් ගැන කතාබහක් මතුව තිබේ.පාස්කු දේවමෙහෙය අතරතුර දී පුපුරා ගිය අධිබලැති බෝම්බයට හසුවූ රංගන
ප්‍රනාන්දු මහතා හා පවුලේ සියලුදෙනාම මෙහිදී ජීවිතය හැරයාම කණගාටුදායකය.
පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ

කළමනාකරුවෙක් වශයෙන් සේවය කළ රංගන ප්‍රනාන්දු මහතාත් ඔහුගේ බිරිය වන ධානාදරී හා දරු තිදෙනා මෙහිදී මරුදුටහ.
ෆ්බියෝලා (6)  ලියෝනා (4) සෙත් මස්ති (මාස11) දරු තිදෙනා මෙසේ මියගිය අතර දරුවන් සමග රංගන හා බිරිය ලබාගෙන තිබෙන  පවුලේ ඡායාරූපය කාගේත් සිත් දුකට පත්කරවයි.

ඔවුන් කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර පවුලේ අය සමග එම නිවසේ මෙහෙකාරියක ලෙස කටයුතු කළ  55 හැවිරිදි පිලමිනා පෙරේරා මහත්මියද අනතුරින් මියගිය බව වාර්තාවී තිබේ.

කාටත් කරදරයක් නැතිව කාගේත් සිත් දිනාගනිමින් ජීවත්වූ ඔවුන්ට අත්වූ ඉරණම ගැන අසල්වාසීන් හා ඥාතීන් දැඩි සංවේගයෙන් සිහිපත් කරන අතර ඔවුන්ගේ අවසන් කටයුතු අද සිදුවිය.