රට පුරා ස්ථාන 08ක ඊයේ සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා තිබේ.

" මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග ගැන අපි සැහිමට පත්වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් සිදුකළ දැනුවත් කිරීමක් ගැන අපිව දැනුවත් කරලා තියෙනවා.
මේ ගැන මහ ජනතාවට දැනුවත් කිරීමක් කළා නම් මේ තරම් විනාශයක් සිදු වන්නේ නැහැ. මේ ගැන ඔවුන් වගකීම භාර ගන්න ඕනේ. බුද්ධි අංශ වලට චෝදනා එල්ල කරලා තිබෙනවා.  ඔවුන් ගෙන් භාගයක් දැන් ඉන්නේ හිරේ. මම ඊයේ කිව්වා ඉතිරි වෙලා ඉන්න ටික දෙනවාත් හිරේට දාන්න කියලා. තමන්ගේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියාත් මේ පිලිබදව දැනුවත්ව සිටියත් තමන්ට ඒ ගැන දැනුවත් කිරීමක් සිදුනොකළ බව මෙහිදී විපක්ෂ නායකවරයා කියා සිටියා. "