පූගොඩ ප්‍රදේශයේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිපිරීමක් සිදු ව ඇති බව වාර්තා වෙයි.

මෙය හිස් ඉඩමක
සිදුවූ පිපිරුමක් බවත් කිසිදු හානියක් වාර්තාවී නැති බවත් පැවසේ.
පිපිරීම කවර හේතුවක් මත සිදු වුනේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද  පාළු ගොඩනැගිල්ලකය.
පුගොඩ  ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත්  මේ දිනවල පවතින  දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් බෝම්බය අසුවේ යැයි බියෙන්  දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.