https://www.gossiplankanews.com/2019/04/inshaf-wellampitiya-copper-factory.html
න්ෂාෆ් අහමඩ් නමැති ව්‍යාපාරිකයා මෙම බෝම්බ ප්‍රහාරයේ සැැලසුම් කරුවෙකු බව පොලිසිය මේ වනවිට හඳුනාගෙන තිබේ. ඉන්ෂාෆ්ට අයත් කොළඹ වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව පරික්ෂාවට ලක් කොට එහි කළමනාකරු, සුපවයිසර්වරයා, තාක්ෂණික කටයුතු පිළිබද නිලධාරියා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කර්මාන්ත ශාලාවේදී ඉන්ෂාෆ් ඇතුළු බෝම්බකරුවන්
කොළඹදී පුපුරා ගන්නා ලද මරාගෙන මැරෙන

බෝම්බ සකස් කරන්නට ඇති බව දැනට තොරතුරු ලැබී ඇත. ඒ සඳහා ඔවුන් ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) හෙවත් IS සංවිධානය විසින් "සාතන්ගේ මව" යනුවෙන් හඳුන්වන මුල ද්‍රව්‍ය යොදා ගෙන ඇත.

පුපුරණ ද්‍රව්‍ය පිළිබද විශේෂ දැනුමක් හිමි අය සදහන් කර සිටියේ මෙම ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) නම් පුපුරණ ද්‍රව්‍ය මගින් වැඩි විනාශයක් ඇති කිරිමට හැකි බවයි.
මේවා මින් ඉහත එල්ටීටීඊ සංවිධානය මරාගෙන මැරෙන්නට භාවිත කළ පුපුරන ද්‍රව්‍ය තාක්ෂණයට වෙනස් වඩා බලසම්පන්න රසායනික බව වාර්තාවේ.
මේ සමග පළවන්නේ එම කර්මන්ත ශාලාවේ ඡායාරූප කිහිපයකි. අත්අඩංගුවට පත්නොවූ සේවකයින් කිහිප දෙනෙකු තවම කර්මාන්ත ශාලාවේ සිටී. ඔවුනගේ ඡායාරූපද මෙහි වේ.