පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්
හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ
දළ සැලස්මක් සමග පුද්ගලයෙකු බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙයි.
පොලිසීය පැවසුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ලේඛණ සොයා ගත් බවයි. එහි තිබී ටී 56 ජීව උණ්ඩ දෙකක් ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඩිපත් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.