https://www.gossiplankanews.com/2019/04/primasha-remember-sad-story.html
සුගියදා කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ සිදුවූ බිහිසුණු මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන ගැන  බීබීසී රූපවාහිනී නාලිකාවට නැවත සිහිපත් කිරීමක් කළ ඉන්  දිවි ගළවාගත් 16 හැවිරිදි ප්‍රිමාෂා ප්‍රනාන්දු එම අවස්ථාව ඉතා සංවේදී ලෙස විස්තර කර තිබේ.
ඇය පවසන්නේ මෙම ප්‍රහාරය නිසා කුඩා කාලයේ සිට තමන් දන්නා හඳුනන අය
නැතිවීම නිසා කම්පනයට පත්වූ බවයි. ඇයට තවම නින්ද යන්නෙ නැති බවද පවසා තිබේ.
ඇය ඒ ගැන විස්තර කළේ මෙසේය.


'මං ගොඩාක් පොඩි ළමයි මැරෙන හැටි දුටුවා. මං එක පවුලක් දැක්කා අම්මයි තාත්තයි පුත්තු 3යි. අම්මයි තාත්තයි විලාප දෙනව දරුවො තුන්දෙනාම වහළ කඩා වැටිලා යටවෙලා මැරිලා..

ඒක මහා දරුණු අවස්ථාවක් ලේ ගංගාවන් ගලා යනවා ලේ සුවඳ විතරයි දැනුනෙ.. බිත්තිවල සම්පූර්ණයෙන් ලේ තැවරිලා.. මුලු පල්ලියම නැහැවිලා.. මේක ඉතා බිහිසුණු අවස්ථාවක්.
මිනිස්සු කෑගහනවා විලාප දෙනවා අඬනවා ඒ අය හිටපු හැටි ගැන කියන්නත් මට අමාරුයි.

සමහර අයගෙ කොන්ඩ සිරුර ඔක්කොම තියනවා ඒත් මූණ අතුරුදන්. වහලෙ කඩා වැටිලා සමහරු මැරුනා. අම්මලා පොඩි දරුවන් අතේ තියන් මැරිලා හිටියා.
මේ මැරුණ වැඩි දෙනා මගේ ගමේ අය. හැමදාම මං දකින අය. මගේ ගුරුවරු හිටියා. මං දන්න වැඩිහිටියන් හිටියා. දන්න කියන අයගෙන් බාගයක් විතර මැරුනා.
මට නින්ද යන්නෙ නෑ. මට හිතාගන්න බෑ අපේ අයට මොකද වුනේ කියල. මේකට හරිම දුකයි මට..'