https://www.gossiplankanews.com/2019/04/Suspected-ISIS-video-claims-Sri-Lanka-bombing.html#more

ශ්‍රී ලංකාවට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධාන විසින් අද (23) සවස භාරගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරන ඔවුන්ගේ Amaq ප්‍රචාරක අංශය, මෙම ප්‍රහාරය “ඔවුන්ගේ භූමිය තුල
සිටින” සිවිල් කතෝලික

ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර සිදුකල බව පිළිගෙන ඇත. මෙම පණිවිඩය යොමු කර ඇත්තේ 'ටෙලි ග්‍රැම්' නමින් හඳුන්වන ඇප් එක හරහා ආරක්ෂිත පණිවිඩයක් ලෙසිනි.සාමාන්‍යයෙන් අයිඑස් සංවිධානය මෙවැනි ප්‍රහාරවල වගකීම මේ ආකාරයට ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සිදු කරන බවත් ඒ සඳහා Amaq ප්‍රචාරක අංශය නිකුත් කරන ටෙලිග්‍රෑම් පණිවිඩ විශ්වාස කළ හැකි බවත් පැවසේ.
ISIS සංවිධානය විසින් ශ්‍රී ලංකාව හදුන්වන්නේ ඔවුන්ට අයත් භූමියක් ලෙසයි.“ඔවුන්ගේ භූමිය තුල සිටින සිවිල් කතෝලිකයින් ඉලක්ක කළ බව දන්වා ඇත්තේ ඒ නිසාය.
ඇමරිකාවේ Newyork Times බ්‍රිතාන්‍යයේ Independent පුවත් සේවය ඇතුළු ප්‍රධාන මාධ්‍ය මෙම පුවත මේ වනවිට තහවුරු කර වාර්තා පළ කර ඇත
ප්‍රහාරය පිළිගනිමින් අයි එස් සංවිධානය නිකුත් කළ බවට උපුටන සහිත සමාජ මාධ්‍ය තුළ සැරිසරන වීඩියෝව පහතින්