https://www.gossiplankanews.com/2019/04/isis-video-sri-lanka-eight.html

21 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදු කළ අයිඑස් ත්‍රස්තයින් පිරිස අතරින් මරාගෙන මැරුණ 8 දෙනා එක්වී මරණයට පෙර දිවුරුම් දෙන වීඩියෝවක් හා විස්තරයක් අයිඑස් හි ප්‍රචාරක අංශය වන ඇමක් ප්‍රචාරක ඒජන්සිය නිකුත් කර තිබේ.
මෙම 8 දෙනාගෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන බව කියැවේ.කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත්තේ අබු හම්සා බවත්
මීගමුව සෙබස්තියන් පල්ලියේදී පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා ගත්තේ අබි කලිල් බවත්

 මඩකලපුව සියොන් දේවස්ථානයේදී තම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත්තේ අබු මුහම්මද් බවත් එහි සඳහන් වෙයි.
අබු උබායිදා (සහරාන් හසීම්), අබු අල් බාරා හා අබු මුක්තාර් කොළඹ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංග්ස්බරි හෝටල්වල ප්‍රහරයට පැමිණි බවත් සඳහන් විය.
දෙමටගොඩ පොලිස් නිලධාරීන් හා පැවැති ගැටුමකින් අනතුරුව අබු අබ්දුල්ලා ජීවිතක්ෂයට පත්වූ බවත් එහි සඳහන් විය.
වීඩියෝව පහතින්