පසුගිය සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් සියලු මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ ප්‍රකාරව අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටියේ සැඟව සිටියදී හසුකරගත් බව පොලිසිය දන්වා සිටී.

පාස්කු ඉරිදා
බෝම්බ පිපිරීම් වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කර සිටින සැකකරුවන් දෙදෙනෙකු වූ ඔවුන් මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් නම් වෙති.
 සැකකරුවන් දෙදෙනා අද අළුයම නාවලපිටිය පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවත් මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත භාරදීමට නියමිත බවත් පොලිසිය දන්වයි.