මැදිරිගිරියේ කාන්තාවකට ඉකුත් 21 වන දින සවස 6.40ට දුරකථන ඇමතුමක්දී මහජන සාමය කඩවන ලෙස සාපරාධී බිය ගැන්වීමක් සිදුකළ කුරුණෑගල කොබෙයිගනේ පදිංචි තරුණයන් තිදෙනකු  මැදිරිගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාදුනන පුද්ගලයකු දුරකථන ඇමතුමක් මගින් මැදිරිගිරිය විහාරගම ප්‍රදේශයේ කාන්තාවකට අමතා මහජන සාමය කඩවන ලෙස බිය ගැන්වීමක් සිදුකළ බවට ඇය මැදිරිසිරි පොලිසියට පැමිණිලි කර ඇත.

''වැඩේ හරිද? බස් දෙකකට අපි තිබ්බා. අටට වැඩේ වෙනවා. ඔයා අර පොට් එකට හයි කළාද?"

යනුවෙන් විමසා ඇති අතර දුරකථන ඇමතුම් ලැබුණු කාන්තාවගේ ජංගම දුරකථනයේ සැකකරුවන් විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ සියල්ල පටිගත වි තිබී ඇතැයි ද ඇය පොලිසියට කළේ පැමිණිල්ලේ සඳහන්වේ. පසුව මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.ඒ.යූ. වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් අදාළ දුරකථන දත්ත ඔස්සේ මෙම සැකකරුවන් පදිංචිව සිටි ප්‍රදේශයට ගොස් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ විහිළුවට තම යාහළුවන් මේ දේ සිදුකළ බවයි.  සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල කොබෙයිගනේ  පදිංචි නිෂාන් මොහම්දු හලීම් (2l),සෙනාන් ඉසුරු දිලංග (20)  ග්‍රේෂන් විජේතුංග (19) යන කරුණයින් තිදෙනා මැයි 7 වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන්නැයි හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් නියෝග කළේය.