https://www.gossiplankanews.com/2019/04/MoniqueAllen-dies-sri-lanka-attack.html#more
 ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයන් තිදෙනකු  සමග එක්ව රත්නපුර පළාත් මහ රෝහලට ඇඳන් 107කින් යුතු අංග සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණයක් පරිත්‍යග කළ ඇමරිකන් ජාතික ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයකු වූ බුදුදහම වැළඳගත් ලුවිස් ඇලන්  මහතාගේ දයාබර බිරිය වූ නෙදර්ලන්ත ජාතික මොනික් ඇලන් Monique Allen(52) මහත්මිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරිමෙන් ජීවිතක්ෂයට පත් වූ අතර
ඇගේ අවසන් කටයුතු ශ්‍රි ලාංකිකයන් සහ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් 22දා සවස බෞද්ධ - ආගමික වතාවත් අනුව සිදුවිය.
තිදරු මවක වූ ඇය සිය දරු තිදෙනාත්  සැමියාත් සමඟ පසුගිය 16දා ලංකාවට පැමිණියාය. රත්නපුර මහ රෝහලට පරිත්‍යග කළ ළමා වාට්ටු සංකීර්ණ නරඹා සතුටු වූ ඔවුහු  එහි තුන්වැනි මහල සෑදීමට සැලසුම් කළහ. ඉන්පසු පැය විසි හතරක් ගතවීමට පෙර ඇය  මෙම කුරිරු බෝම්බ ප්‍රහාරයට ලක්වූවාය.


ඡාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන් වූ පුන්සිරි තෙන්නකෝන්, ප්‍රියන්ත ද සිල්වා, සුභාෂ් කරුණාරත්න යන මහත්වරු සමග රුපියල් මිලියන සියයකට වැඩියෙන් වූ ධනයක් ඇගේ සැමියා මෙම ළමා වාට්ටු සංකීර්ණයට යෙදවීය. ඉන් 25%ක් බරපැන දැරුවේ මියගිය මොනික්  ග්‍රොයින්වූඩ් මහත්මියගේ සැමියා විසිනි.

දේහය හඳුනා ගැනිමෙන් පසු එය ඇලන්  මහතාගේ ශ්‍රී ලාංකික මිතුරු තෙන්නකෝන් මහතාගේ නිවසට ගෙනවිත් තැන්පත් කර  මහා සංඝරත්නය වැඩම කරවා ආගමික වතාවත් සිදුකළේය. බොරැල්ල කනත්තේදී ආදාහනය කිරීමෙන් පසු ඇලත් මහතා සිය දරු තිදෙනා සමග 22 දා යළි තායිලන්තය බලා පිටත්ව ගියහ.

"ලුවිස් ඇලන් මහතාත් මියගිය ඔහුගේ බිරිය මොනික් මහත්මියත් දරු තිදෙනාත් බුද්ධාගම වැළඳගත්තෝ වෙති. මේ සිද්ධියෙන් ඇලන් මහතා දැඩි ලෙස කම්පනයට සහ කනගාටුවකට පත්වී සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික පුන්සිරි තෙන්නකෝන් මහතා මෙසේ කීය.


"මොනික් ඇලන් මහත්මියගේ අකල් වියෝව ගැන මැණික් ක්ෂේත්‍රයේ නියැළෙන ව්‍යාපාරිකයන් නොව රත්නපුර දිස්ත්‍රික්කයේ වෙසෙන සියලුම ජනතාව ශෝක වෙනවා. රත්නපුර මහ රෝහල් කාර්ය මණ්ඩලය සමග ඇය ගතකරපු කෙටි වෙලාව විනෝදයෙන් ගතකළා. අන්තිමට ඇය නැතිව ඇලන් මහත්තයයි දරුවන් තුන්දෙනයි ආපසු ගියා"