අනුරාධපුර මැගසි න් මාවත (තිසාවැව ඉදිරිපිට) ප්‍රදේශයේ සිංහල පිරිසක් මුස්ලිම් පුද්ගලයන්ට තියුණු ආයුධ වලින් පහරදෙන බව පවසමින් ජාතිවාදය ඇතිවන අන්දමේ බොරු තොරතුරු සපයමින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදුන් මුස්ලීම්  ජාතිකයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ
නිලධාරීන් පෙරේදා (27දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයට අනුව සිංහල පිරිසක් ආයුධ සන්නද්ධව මුස්ලිම් පිරිසට පහරදෙන බව සැලවි වහාම අනුරාධපුර මැගසී මාවත ප්‍රදේශයට පොලිසිය ගොස් තිබේ.

දරුණු ගැටුමක් ඇතිවෙමින් පවතින බවට ඇමතුම්
දුන් පුද්ගලයා කියා තිබූ අතර පොලිස් නිලධාරීන් එම ගැටුම වැළක්වීම සඳහා ආයුධ සන්නද්ධව විසි දෙනෙකුගෙන් පමණ සමන් විත පිරිසක් එහි ගොස් ඇතත් ප්‍රදේශය සාමකාමීව තිබී ඇත. පොලිස් නිලධාරීන් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේ වෙළඳසලක පුද්ගලයකු බීමතින් ජංගම දුරකථනයක් අතෙහී තබාගෙන සිටින අයුරු දැක ඔහු පරික්ෂාවට ලක්කළ අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට බොරු දුරකථන ඇමතුම් දුන් පුද්ගලයා ඔහු බව පොලිසිය තහවුරු කර ගෙන ඇත.

කෝන්තරයක් පිරිමසා ගැනීම සඳහා සැකකරු සිංහල ජාතිකයන් පිරිසක් කලහකාරී අනද මින් හැසිරෙන බව පවසමින් ජාතිවාදය අතිවන අන්දමින් බොරු දුරකථන ඇමතුමක් දී තිබෙන අතර පවතින තත්වය හමුවේ ජාතික ආරක්ෂාව සමච්චලයට ලක් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිසිය අපහසුතාවට පත් වන ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා ආවේගශීලීවූ පිරිසක්  සැකකරුට පහරදීමට උත්සාහ කළත් පොලිසිය එම තත්වය සමනය කර තිබිණි.

-මහේෂ් විජේසුරිය-