දොම්පෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පූගොඩ නගරයේ උසාවිය ආසන්නයේ පිටුපස හිස් ඉඩමේ ඊයේ (25) පෙ.ව. 08.56 ට සිදු වූ පිපිරිම ජනතාව බිය වැද්දවීමට කරන ලද්දක් බව හෙළි වේ. සිදුවීම සැලවීමත් සමග
එතැනට නියෝජ්‍ය පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ ජනතාව කුපිත කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් හා සංවිධාන විවිධ උපක්‍රමයන් යොදන අතර, මෙම පිපිරවීමද එවැනි ක්‍රියාවක් බවයි. මෙම ස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදු වී නැති බවත් උපායශීලීව රතිඤ්ඤා වැනි දෙයක් උපයෝගී කරන්ගෙන එම පිපිරීම සිදු කර ඇති බවත්, රජයේ රස පරික්ෂක කැදවා අවසාන තීරණයකට එළඹෙන බවත් හෙතෙම පැවසීය.

සිද්ධිය සැලවීමත් සමග පූගොඩ පොලිසිය වහා ක්‍රියාත්මක වී අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලදී. අනතුරුව මේ ප්‍රදේශයේ තිබෙන පූගොඩ තරාල සිරි කුරුස කතෝලික දේවස්ථානයටද, කුමාරිමුල්ල මුස්ලිම් දේවස්ථානයටද ගොස් ජනතාව දැනුවත් කරන ලදි.


-ජී.එස්.තැලිගම-